Tuesday, April 25, 2017

අනාගත ජනාධිපති අනුර කුමාර දිසානායක



1)  2020 මහ මැතිවරණයෙන් අනුර කුමාර දිසානායක විශිෂ්ඨ ජයක් අත් කරගෙන තිබේ. ලංකාවේ ප්‍රථම වරට ජනතා විමුක්ති පෙරමුණට චන්දයකින් බලයට ඒමට හැකි විය​. අනුර කුමාර දිසානායක ගේ ජයග්‍රහනය ලංකාවේ නව යුගයක් ඇති කරන බවට ලකුණු පහල වී තිබේ​.  මෙතෙක් ප්‍රධාන පක්‍ෂ දෙකේ හොරකම් , දූෂණය සහ නාස්තිය නිසා ප්‍රපාතයට වැටී සිටි ලංකාව බේරා ගැනීමට හැකි ගැලවුම්කරුවා ඔහු බව ජවිපෙ හිතවාදීන් පමණක් නොව මෙතෙක් කල් ප්‍රධාන පක්‍ෂ වලට චන්දය දුන් ජනයාද පවසති. 

2) අනුර කුමාර දිසානායක සරල නායකයෙකි. ඔහු නව රජයේ බොහෝ වියදම් කපා ඒවා ජනතා සුබසෙත සඳහා යොදවා තිබේ. පාර්ලිමේන්තු නියෝජිතයන්ට අධික මිලැති සුපිරි වාහන වෙනුවට ලාභ දායක ඩබල් කැබ් නිර්දේශ කොට ඇත​. 

3)  ජවිපෙ නව රජය යටතේ ආහාර ද්‍රව්‍ය සඳහා වූ මිල 75% අඩු කොට ඇත​. ජනතාව පෝලිම් ගැසී සහන මිලට දෙන භාණ්ඩ මිලදී ගනිති. ගොවීන් සඳහා පොහොර මෙන්ම අනෙකුත් නව සහනාධාර ලබා දෙයි. 

4)  ප්‍රධාන දේශපාලන පක්‍ෂ දෙක විසින් මෙතෙක් ව්‍යාජ ලෙසින් ජනතාව රවටමින් කල එෆ්.සී.අයි.ඩී නඩු ඇසීම් නාටක අවසන් බවත්  රාජ්‍ය දේපළ සොරකම් කල දේශපාලකයන්ට මෙන්ම උසස් රාජ්‍ය නිලධාරීන්ට ජනතා උසාවි මගින් දඞුවම් දීමත් ඔවුන් වංචනික ලෙස උපයාගත් දේපළ රාජ්‍ය සන්තක කරන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කීවේය​. 

5) ජනාධිපතිවරයා ශපථ  කල ලෙසින් දේශපාලකයන් බොහෝ දෙනෙකුට මෙන්ම රාජ්‍ය නිලධාරීන් විශාල පිරිසකට ජනතා උසාවි මගින් නඩු පවරා තිබේ. ප්‍රමාදයකින් තොරව ඇසෙන මෙම නඩු මගින් වරදකරුවන් සිරගත කිරීමටත් ඔවුන් ගේ දේපළ පවරා ගැනීමත් කෙරේ. 

6) ජනතා මුදල් සොරකම් කිරීමේ චෝදනාව මත බැසිල් රාජපක්‍ෂ, විමල් වීරවංශ , සරණ ගුනවර්ධන , රවී කරුණානායක යන දේශපාලකයන්ට සිර දඞුවම් නියම කොට ඇත​. ඔවුන් ගේ දේපළ රජයට පවරාගෙන තිබේ. තවත් බොහොමයක් දේශපාලකයන්ට විරුද්ධව නඩු ඇසෙමින් පවතියි. විමල් වීරවංශ ගේ සුපිරි නිවස රජයට පවරාගෙන එහි ඩේ කෙයාර් එකක් ආරම්භ කොට තිබේ. 

7) හිටපු දේශපාලකයන් බොහෝ දෙනෙකු දැන් සිරභාරයේය​. ඔවුන් විසින් වංචනිකව මිලට ගත් දේපළ ජනසතු කොට තිබේ. සමහර දේශපාලකයන් විසින් පිටරට  බැංකු වල සඟවා තිබෙන බිලියන ගනනක මුදල් යලි ලංකා රජය වෙත ලබා ගන්නා බව ජනාධිපතිවරයා ප්‍රකාශ කලේය​. 

8)  ආහාර ද්‍රව්‍ය හිඟයක් වෙළඳ පොළ තුල පවතියි.  ආහාර ද්‍රව්‍ය මිල 75 % අඩු කිරීම නිසා කළු කඩ වෙළඳුන් බඩු සඟවාගෙන බව රජය කියයි. මධ්‍යස්ථ ආර්ථික විශ්ලේෂකයන් පවසන අන්දමට කිසිදු ආර්ථික තක්සේරුවකින් තොරව ආර්ථික විශේෂඥයන් ගේ නිර්දේශ නොතකා ආහාර ද්‍රව්‍ය මිළ 75 % අඩු කිරීම නිසා භාණ්ඩ ඌනයක් ඇතිවී තිබේ. කෙසේ නමුත් රජය විසින් පත් කරන ලද කළු කඩ වෙළඳුන් වැටලීමේ බලකාය විසින් සඟවන ලද ආහාර ද්‍රව්‍ය සොයා මෙහෙයුමක් අරඹා තිබේ. මේ බලකාය සමන්විත වන්නේ ජවිපෙ හිටපු කේඩර්වරයන් ගෙනි. 

9)  ආහාර සහ අනෙකුත් අත්‍යාවශ්‍ය භාණ්ඩ සඳහා සලාක පොත් නිකුත් කොට තිබේ.  සලාක පොත් වලට බඩු ගැනීමට ජනයා පෝලිම් ගැසී සිටිති. මේ අතර බොහොමයක් ජවිපෙ සාමාජිකයන් පෝලිම් වල නොසිට අත්‍යාවශ්‍ය භාණ්ඩ ලබා ගැනීම මිනිසුන් ගේ නොසතුටට හේතු වී තිබේ. 

10) ජනතා උසාවි මන්දගාමී බවත් පනවන ලද දඞුවම් කුඩා බවත් ජවිපෙ දැඩි මතධාරීන් ජනාධිපති අනුර කුමාර දිසානායකට බලපෑම් කරති. ඔවුන්ට පොලිට් බියුරෝවේ සහයෝගය ලැබේ. සමාජවාදී රාජ්‍යක් ලංකාවේ ගොඩ නැගීම සඳහා අනුර කුමාර දිසානායක ප්‍රමාණවත් ලෙස කටයුතු නොකරන බව ඔවුන් ගේ චෝදනාවයි. 

11) අනුර කුමාර දිසානායක ගේ බල අභිබවමින් ජවිපෙ දැඩි මතධාරීන් ගේ බලය වර්ධනයව තිබේ. 1988-89 කාලයේ ඝාතන කොට රටින් පිටවී ගොස් සිටි සාමාජිකයන් ද දැන් ලංකාවට පැමිණ අනුර කුමාර දිසානායකට අභියෝගාත්මක ලෙස  ජවිපෙ දැඩි මතධාරීන්ට එක්වී ක්‍රියා කරති. ජනාධිපති මේ කල්ලියේ සිරකරුවෙක් බවත් ඔහු නාමික ජනාධිපතිවරයෙකු බවත් රාවයක් පවතියි. 

12 ) රජය විසින් නව වෙනස්කම් ගනනාවක් ඇති කොට තිබේ. පුද්ගලික දේපළ සීමා කොට ඇත​. මේ නිසා බොහෝ නිවාස සහ ඉඩම් මෙන්ම  වාහන  රජයට පවරාගෙන තිබේ. සෑම රජයේ ආයතනයක්ම අධීක්‍ෂනයට මෙන්ම පාලනයට රතු කොමිසාර්වරු පත් කොට තිබේ. මේ රතු කොමිසාර්වරු ජවිපෙ සිටි පූර්ණකාලීනයන්ව සිටි භක්තිමත් සාමාජිකයන් ය​. මේ අනුව පාසල් , බැංකු , රෝහල් , රජයේ කාර්‍යාල මෙකී සියල්ලම පාලනය වන්නේ  රතු කොමිසාර්වරු මගිනි.  හමුදාවේ එ්කකද රතු කොමිසාර්වරු යටතේ පාලනය වේ. වැඩ වර්ජන තහනම් ය​. පුද්ගලික වෛද්‍ය සේවා , ටියුෂන් තහනම් කොට තිබේ. රෝහල් වල වෛද්‍ය වැඩ වර්ජනයක් කිරීමට උත්සහ කල වෛද්‍ය පාදෙනියව නිවාස අඩස්සියට පත් කොට තිබේ. ජනතාවගේ සෞඛ්‍යය කඩාකප්පල් කිරීමට තැත් කිරීම යන චෝදනා යටතේ ඔහුට නඩු පවරා ඇත​. 

13) ධනවතුන් බොහෝ දෙනෙක් රට හැරයාම නිසා රජයේ නිර්දේශයකින් තොරව පිට රට යෑම තහනම් කොට තිබේ. තමා සේවය කරන කාර්‍යාලයේ රතු කොමිසාර්වරයාට තමන් ගේ ගමන් බලපත්‍රය භාර දෙන ලෙසට නියෝගයක් පනවා ඇත​. රතු කොමිසාර්වරයාගේ අවසරයකින් තොරව ගමන් බලපත්‍රයක් ලඟ තබා ගැනීම වසර 10 ක සිර දඞුවම් ලැබීමට හේතු වේ. තවද වෙරලාරක්‍ෂක බලකාය විසින් හොරෙන් මුහුදු මගින් ඉන්දියාවට , මාලදිවයිනට පලා යන මිනිසුන් අත් අඩංගුවට ගැනීමත් අනවසර බෝට්ටු වලට වෙඩි තබා ගිල්වීමත් කරයි. 

14) රෝහණ විජේවීරයන් ගේ උපන් දිනය නිවාඩු දවසක් බවට පත් කොට තිබේ. ඔහුගේ පින්තූරය සෑම කාර්‍යාලයකම මෙන්ම නිවසකම ප්‍රදර්ශනය කල යුතුය​. රෝහණ විජේවීරයන් ගේ උපන් දිනයට ගාළු මුවදොර පාසල් සිසුන් දස දහස් ගනනකගේ  සහභාගීත්වයෙන් විශාල පෙලපාලියක් පවත්වයි. ළමෝ ජාතික කොඩි සමග විජේවීර ගේ රුව රැගත් කොඩි අතින් ගෙන පෙලපාලියේ යති. පොලිට් බියුරෝවේ සාමාජිකයන් ජන සතු කරන ලද ගෝල්ෆේස් හෝටලය ඉදිරියේ සාදන ලද අට්ටාලක සිට පෙලපාලිය පිලිගනිති. ප්‍රධාන නගර වලද මෙම පෙලපාලි පැවැත්වේ. ඒවාට රජයේ නිලධාරීන් අනිවාර්‍යෙන් සහභාගී විය යුතුය​. මෙම වාර්ශික පෙලපාලියට නොපැමිනි අයගේ නම් ලැයිස්තු අදාල රතු කොමිසාර්වරුන් වෙත යැවීමට ආයතන ප්‍රධානීන්ට නියෝග කොට තිබේ. රෝහණ විජේවීරයන් ගැන ප්‍රාථමික පන්ති වල සිට ළමුන්ට උගන්වති. ඔහු ලංකාව බේරාගත් විරුවාය​. ඔහුගේ ප්‍රතිමා කොලඹ නුවර ගාල්ල යනාදී මහා නගර වල ඉදි කොට තිබේ. මෙයින් කොලඹ ඉදි කරන ලද ප්‍රතිමාව උසින් අඩි 200 ඉක්මවයි. 

15) රතු කොමිසාර්වරු හෙවත් පක්‍ෂ නියෝජිතයන් බොහෝ දෙනෙකු විසින් කරන දූෂිත ක්‍රියා නිසා ජනතාව රහසේ ජනාධිපතිවරයාට සහ රජයට දොස් කියති. රජයට පවරා ගත් සුපිරි නිවාස සහ වාහන මෙන්ම අනෙකුත් භාණ්ඩ රතු කොමිසාර් වරු පරිහරනය කරති. ඔවුන් හැසිරෙන්නේ අතීත ලංකාවේ අධිකාරම්ලා හැසිරුනු අහංකාර ලීලාවෙනි. රතු පොලිසිය පවා ඔවුනට යටත් ය​. සාමාන්‍ය ජනයා යටත් වැසියන් මෙන් නියාළුව ජීවත් වෙති. සාමාන්‍ය ජීවිත ගත කල රතු කොමිසාර්ලා බොහෝ දෙනෙකු දැන් උස්මුරුත්තාවට එන තෙක් සැප වලඳති. එක් රතු කොමිසාර්වරයෙක් කුමාර් සංගක්කාර ගේ ජනසතු කරන ලද නිවසේ පදිංචිව සිටි අතර එම නිවසේ පිහිනුම් තටාකයේ යුවතියන් සමග නිරුවතින් සාද දැමූ බව හෙලි විය​. මොහු හිටපු කාර්‍යාල කාර්‍ය සහායකවරයෙකි. නමුත් පක්‍ෂය සමග 1988 කාලයේ සිට හිටපු තැනැත්තෙකි. එම නිසා ඔහුට විරුද්ධව පියවර ගත්තේ නැත​. 

16) රජය අපකීර්තියට පත් කිරීම සඳහා අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක් දියත් කොට ඇති බව නියමුවා පුවත් සේවය වාර්තා කරයි. ලංකාවේ පුද්ගලික ජනමාධ්‍ය සහ පුද්ගලික පුවත්පත් අහෝසි කොට තෙවසරකි. මාධ්‍ය ඒකාධිකාරය රජය සතුය​. අන්තර්ජාලය සීමා සහිත කොට තිබේ. රජය විවේචනය කරන්නන් , කඩාකප්පල්කරුවන් සහ ද්‍රෝහියන් අත් අඩංගුවට ගැනීමට රතු ඔත්තු සේවය ක්‍රියාත්මක වේ. මෙහි සේවය කරන්නේ ජවිපෙ හිතවත් නිලධාරීන් වෙති. අතීතයේ ජවිපෙ විවේචනය කල පුද්ගලයන් ද අත් අඩංගුවට ගනිති. ඔවුන්ව විශාල එලිමහන් බන්ධනාගාර වල තාවකාලිකව රඳවා තිබේ. කිසිවෙකුටත් ඔවුන් බැලීමට යාමට ඉඩ දෙනු නොලැබේ. 

17) අහාර මිල අඩු වූවද සලාක ක්‍රමය මත භාණ්ඩ බෙදා හැරීම සිදුවේ. පෝලිම් බොහෝ දිගය​. මිනිසුන් ගේ කාලය වැය වන්නේ පෝලිමේ සිට ආහාර ලබා ගැනීමටය​. නමුත් මිනිසුන් රජය විවේචනය කිරීමට බිය වෙති. යම් වදනක් කීවේද එම පුද්ගලයා සොයා ඔහුගේ නිවසට රතු ඔත්තු සේවයේ නිලධාරීන් එති. ඉන් පසුව ඔහුට සිර දඞුවම් පැනවේ. මේ නිසා මිනිසුන් ජීවත් වන්නේ සැකයෙනි ඔවුන් අසල්වාසීන්ටද බිය වෙති. 

18) ජනාධිපති අනුර කුමාර දිසානායක යටපත් කරමින් පොලිට් බියුරෝවේ බලය අල්ලා ගත් ජවිපෙ දැඩි මතධාරීන් බරපතල තීරණ කීපයක් ගෙන තිබේ. දැනට රජය විවේචනය කිරීම , ජනතා සේවා කඩාකප්පල් කිරීම , කළු කඩ පවත්වාගෙන යාම , රටින් පිටවීමට තැත් කිරීම ,  රජයේ ප්‍රතිපත්ති වලට අනුගත නොවීම , යනාදී චෝදනා මත සිර දඞුවම් විඳින පුද්ගලයන් උතුරු මැද පලාත් වලට ප්‍රවාහනය කොට ඔවුන් ගේ ශ්‍රමය මගින් වාරිමාර්ග තැනීම සහ මැතිවරණ අහෝසි කොට ජවිපෙ පොලිට් බියුරෝව හරහා රට පාලනය කිරීමය​. මේ අනුව ජනාධිපතිවරයාව නාමික නායකයෙකු බවට පත් කොට තිබේ. 

19) රජය විසින් උතුරු මැද කලාපයේ ගුලාර්ග් ශ්‍රම කඳවුරු පිහිටුවා ඇති බවත් එම කඳවුරු වල ආහාර හිඟය​, පහරදීම් , වෛද්‍ය සේවා නොලැබීම , දැඩි වෙහෙසකාරී සේවා වල යෙදවීම යනාදී කරුණු නිසා දෛනිකව මිනිසුන් දහස් ගනනාවක් මිය යන බව විමුක්ති රේඩියෝව පවසයි. මෙම විමුක්ති රේඩියෝ සේවය පවත්වාගෙන යන්නේ මානුෂික දේශයක් නිර්මාණය කිරීමට වෙහෙසුනු ජවිපෙ සිටි යහපත් මිනිසුන් ගේ දායකත්වයෙනි. මෙම සේවය ඉන්දියාවේ සිට රහසින් පවත්වාගෙන යන අතර  මොවුන් ද්‍රෝහියන් බවත් අධිරාජවාදීන් ගේ කුලී හේවායන් බවත් නියමුවා පුවත් සේවය පවසයි.  

20) රජයේ ප්‍රතිපත්ති වලට අනුගත නොවන්නන් පුනරුත්ථාපන  කඳවුරු වලට යවනු ලැබේ. මේවා වධ කඳවුරු මෙනි. මෙකී කඳවුරු පාලනය කරන්නේ විශ්ව විද්‍යාල වල සිටි නවක වධකයන් ය​. ඔවුන් විසින් රැඳවියන්ව නොයෙකුත් කායික මානසික වධයන්ට ලක් කරති. නිරුවත් කිරීම , මිනිස් මළ මුත්‍ර පිරි ටැංකි වල  ගෙල තෙක් ගිල්වා තැබීම ,   පොලු වලින් පහර දීම , කරති. වධයන්ට ලක් කරවමින් රජයේ  ප්‍රතිපත්ති වලට එකඟ වීම සඳහා බල කරති. වසරක් ඇවෑමෙන් මෙම පුනරුත්ථාපන කඳවුරෙන් පිට වෙන රැඳවියා සෝම්බි කෙනෙකු මෙන් බියෙන් ගැහෙමින් ජීවත් වන අතර ඔහු රජයේ ඕනෑම රෙගුලාසියකට යටත් වෙයි. 

21) කළාව පාලනය කරන්නේ රජය විසිනි. රජයේ අනුමැතියෙන් තොරව පොත් එලි දැක්වීම​, නාට්‍ය , චිත්‍රපට ප්‍රදර්ශනය තහනම් ය​. ටෙලි නාට්‍ය මගින් වර්තමාන රජයේ සංවර්ධනයන් අතිශයෝක්තියෙන් හුවා දක්වයි. උතුරු මැද පලාත් වල ගුලාර්ග් ශ්‍රම කඳවුරු වල මැරෙන ජනයා , අහාර හිඟ කමෙන් පීඩා විඳින මිනිසුන් , මන්ද පෝෂණයට ලක්වූ ළමුන්, මර්ධනයට ලක් වූ මිනිසුන් ගැන නිර්මාණ පළ වෙන්නේ නැත​. සියළු නිර්මාණ සඳහා කළා කටයුතු සඳහා පත් කොට තිබෙන කොමිසාර්වරයාගේ අනුමැතිය ලබා ගත යුතුය​. 

22) රජය විසින් දියත් කරන ලද සැලසුම් , සංවර්ධන ක්‍රියාදාමයන් අඩාල වී තිබේ. මේ සඳහා එක් මූලික හේතුවක් නම් එකී විශයන් ගැන දන්නා විශේෂඥයන් වෙනුවට පක්‍ෂයේ හෙන්චයියන් ඒ ඒ තනතුරු වලට පත් කොට තිබීමය​. පක්‍ෂයේ හෙන්චයියන් විශේෂඥයන් මෙහෙයවති. ඔවුන්ට උපදෙස් දෙති. මේ නිසා අවසානයේදී සැලසුම් අඩාල වෙති. එහෙත් පොලිට් බියුරෝව පවසන්නේ අධිරාජවාදීන් විසින් කඩාකප්පල්කාරී මෙහෙයුම් දියත් කොට ඇති බවය​. 

23) මේ ගෙවෙන්නේ ජවිපෙ රජය යටතේ දස වැනි වසරයි. අනුර දිසානායකව බල රහිත කොට තිබේ. රට පාලනය වන්නේ පොලිට් බියුරෝවෙනි. පොලිට් බියුරෝව සමන්විතව ඇත්තේ ජවිපෙ දැඩි මතධාරීන් ගෙනි. මින් සමහරක් 1988-89 කාලයේ සිටි ඝාතකයන් ය​.  ඔවුන් ශ්‍රම කඳවුරු වල ඝාතන කිරීම අනුමත කරති. අඩු වයසැති රතු ගැටව් මෙම කඳවුරු වල සිරකරුවන්ට පොලු වලින් පහර දී මරා දමති. ඔවුන් අාගමක් සේ උමතුවෙන් විජේවීර ගේ දහම අදහති. මධ්‍යස්ථ මතධාරී ජවිපෙ සාමාජිකයන් මෙන්ම පක්‍ෂයේ සිටි මානුෂිකවාදී කොටස් දැඩි ලෙස කලකිරී සිටිති. යහපත් දේශයක්  වෙනුවට අමු සොහොනක් නිර්මාණය කොට ඇති බවට ඔවුන් රහසේ පවසති. රතු ඔත්තු සේවය විසින් පක්‍ෂයේ සිටි මානුෂිකවාදී පිරිස් බොහෝ දෙනෙකු ද්‍රෝහියන් සහ බටහිර ඔත්තුකරුවන් ලෙස නම්  කොට අත් අඩංගුවට ගෙන තිබේ. රතු ගැටවු මගින් ඔවුන්ව වධ බන්ධනයට ලක් කරති. 

24) සී .එන් .එන් සහ බීබීසී පුවත් සේවා අනුව ලංකාවේ උතුරු මැද පලාතේ ගුලාර්ග් කඳවුරු වල මිලියනයකට අධික ජනතාවක් මිය ගොස් තිබේ. බොහෝ දෙනෙකු ආහාර හිඟකම , ලෙඩ රෝග සහ වධ බන්ධන නිසා මිය ගිය බව සඳහන් වේ. එහෙත් රජය මෙම චෝදනා ප්‍රතික්ශේප කල අතර මේවා අධිරාජවාදීන් ගේ කුහක ප්‍රචාර බව කියයි.

25)  පොලිට් බියුරෝවේ බල අරගලයක් සිදු වූ බව වාර්තාවේ. දැඩි මතධාරී අන්තවාදීන් පරදවා ජවිපෙ තුල සිටි මානුෂිකවාදී පිරිස් එකා වන් නැගී සිට යලින් අනුර කුමාර දිසානායක වෙත බලය පවරා තිබේ. දැඩි මතධාරී අන්තවාදීන් විසින් සමජවාදය සඳහා කියමින් රටේ යටිතල සේවා පමණක් නොව මැජෙස්ටික් සිටි , ලිබර්ටි ප්ලාසා යන මධ්‍යස්ථානද ගිනි තබා විනාශ කල බව කී ජනාධිපති අනුර කුමාර දිසානායක යලිත් විනාශ කල සමාජ ආර්ථිකය ගොඩ නැගීමට කටයුතු කරන බව කීවේය​. 

(මෙය මා දුටු සිහිනයකි. මෙම සිහිනයේ ලෙසින් විනාශකාරීව කටයුතු සිදු නොවී අනුර කුමාර දිසානායක ජනාධිපතිව දැඩි මතධාරී අන්තවාදීන්ට යටත් නොවී  රට සමෘද්ධිය කරා ගෙන යාමට හැකි වේවා කියා පතමු) 

වෛද්‍ය රුවන් එම් ජයතුංග   

Monday, April 24, 2017

මිනී මස් කෑ ගැහැනිය

 

හිසේ සහ ශරීරයේ කැපුම් සහිතව අවුරුදු 16 පමණ ළමයෙකු වාට්ටුවට ගෙනැවිත් තිබුනේය​. ඔහුට බරපතල ලෙස කැත්තකින් කොටා තිබේ. ශරීරය පුරා ගැඹුරු කැපුම් තුවාලය​. 

මම රෝගියාගේ තුවාල ශුද්ද කොට ලේ වහනය නැවැත්වීම පිණිස මැසුවෙමි. තරුණ ළමයා වේදනාව නිසා කෑගසයි දඟලයි. ඇටෙන්ඩන්වරුන් වන වික්ටර් සහ ජෝතිපාල රෝගියාව අල්ලාගෙන සිටින්නේ මට මැහුම් දැමීම පහසු කිරීමටය​. 

" මොකද උනේ " ජෝතිපාල තරුණ ළමයාගෙන් අසයි. රෝගියාගේ වේදනාව අඩු කිරීමටත් ඔහුගේ අවධානය වෙනතක යොමු කිරීමටත් ජෝතිපාලගේ ප්‍රශ්නය උපකාරී වෙයි. 

" බාප්පා කෙටුවා " ඔහු උත්තර දෙයි. 

ඇයි බාප්පා කෙටුවේ ? වික්ටර් අසයි. 

" බාප්පා අම්මා එක්ක යාලු වෙලා තාත්තට හේනෙදි කොටලා තියනවා. තාත්තා එතනම මලා. ඊට පස්සේ අම්මයි බාප්පයි තාත්තගේ මස් උයාන කාලා. මම හේනට එන කොට දෙන්න එකතු වෙලා මාව අල්ලගත්තා. බාප්පා මට කැත්තෙන් කොටාන , කොටාන ගියා. මම කැති පාරවල් කාගෙන දිව්වා. අම්මා මගේ පස්සෙන් ආවා මාව අල්ල ගන්ට මම දුවලා පණ බේරගත්තා. මාව අල්ල ගත්තා නම් මාවත් මරනවා රෝගියා වේදනාවෙන් හුස්ම හෙලමින් කියයි. 

අරුම පුදුම ම්ලේච්ඡ සිදුවීමකි. ගැහැනියක් තම අනියම් සැමියා එනම් සැමියාගේ සොහොයුරා සමග එක්වී සැමියා මරා දමා ඔහුගේ මස් අනුභව කොට තිබේ. තවද තම පුතා අනියම් සැමියා ලවා මරා දැමීමටද තැත් කොට තිබේ. මෙවැනි සිදුවීමක් ජාතක කතා පොතේවත් සඳහන්ව තිබෙනවාද කියා මම සිතා බැලුවෙමි. 

ගම කොහේද ? ජෝතිපාල ඇසීය​. 

" වහකෝට්ටේ "  රෝගියා උත්තර දුන්නේ වේදනාව නිසා එන කෙඳිරිය සමගිනි. 

" වහකෝට්ටේ "  ජෝතිපාල එය ප්‍රතිරාව කලේය​. ඕගොල්ලෝ ආගමේද ? 

තරුණ ළමයා ඔව් කියන නියායෙන් හිස සෙලවීය​. 

 මෙම තරුණ ළමයාගේ මව තම අනියම් සැමියා සමග එක්වී නීත්‍යනුකූල සැමියා මරා දැම්මේ මන්ද ? එයිනුත් නොනැවතී මොවුන් දෙදෙනා ඔහුගේ මස් කෑවේ ඇයි ? නීත්‍යනුකූල සැමියා  බිරිඳට නිරන්තරයෙන්ම පහර දුන්නේද ? ඉහවහා ගිය කෝපය නිසා ඇය තම පුරුෂයා මරා දමා ඔහුගේ මස පිස සොර සැමියා සමග අනුභව කලේද​? අනියම් පුරුෂයා කැත්තෙන් කොටා තම සොහොයුරා මරා දැම්මේ කාන්තාවගේ ඉල්ලීම නිසාද ? තම සොහොයුරා මරා දැමීමටත් ඔහුගේ මස් කෑමටත් ඔහුට හැකි වූයේ කෙසේද ? කාන්තාවට තම පුතා සමග තිබූ ආරෝව කිම ? ඇය තම පුතාද මරා දැමීමට උත්සහ කලේ ඝාතනය වසන් කිරීමට? මවකට තම දරුවා මරා දැමිය හැකිද ? 
රෝගියාගේ තුවාල මසන ගමන් මේ ප්‍රශ්න මගේ  හිසේ හොල්මන් කලේය​.  

විනාඩි හතලිස් පහක් පමණ එක දිගට ඔහුගේ තුවාල මසා මම ලේ ගැලීම නවතා දැමුවෙමි. ඉන්පසු වික්ටර් තුවාල මත ප්ලාස්ටර් ඇලවීය​. ඉක්බිති ඔහුව වාට්ටුවේ ඇඳක් වෙත ගෙනියන ලදි. 

 දින දෙක තුනකට පසුව රෝහලේ අධිකරණ වෛද්‍යවරයා ලෙසටද කටයුතු කරන රෝහල් ඩී.එම්.ඕ වාට්ටුවට පැමින රෝගියා ගෙන් විස්තර විචාලේය​. ඔහු සිදුවූ බිහිසුණු සිද්ධිය විස්තර කලේය​.  මෙම සිදුවීමෙන් පසු පොලිසිය විසින් එම කාන්තාව සහ අනියම් සැමියා අත් අඩංගුවට ගෙන නඩු පවරන්නට ඇත​. එහෙත් අවසානයේ සිදු වූයේ කුමක් ද කියා මම නොදනිමි. 


වෛද්‍ය රුවන් එම් ජයතුංග 

Sunday, April 23, 2017

අණ්ඩ කෝෂයක් අහිමි වූ රෝගියා

 


මාතලේ රෝහලේ වාට්ටු අංක 14 ගෙන එන ලද තරුණයාගේ සරම ලේ වලින් නැහැවී තිබේ. එහෙත් ඔහුගේ මුහුනේ වේදනාවක හෝ බියක සේයාවක් නැත​. හෙද නිලධාරී ලොකු බණ්ඩාගේ සහායෙන් මම ඔහු සිටි ස්ට්‍රෙචරය මැහුම් දමන කාමරයට දමා තුවාලය පරික්‍ෂා කොට බැලුවෙමි. රෝගියාගේ එක් අණ්ඩ කෝෂයක් තියුණු පිහියකින් කපා දමලාය​. ලේ ගලා යයි. එහෙත් රෝගියා ස්ථායි ය​. එහෙත් මම රෝගියා ගේ දකුණු අතට කැනියුලාවක් දමා සේලයින් බෝතලයක් එයට සම්බන්ධ කලෙමි. එසේම ආටරි ෆෝර්සෙප් එකක් ගෙන අණ්ඩ කෝෂය කැපී තිබෙන ස්ථානයෙන් ලේ විදින රුධිර වාහිනිය තද කොට ලේ ගැලීම නැවැත්වූයෙමි. 

දැන් රුධිර වහනය නැවතී තිබේ. එහෙත් කැපුම් තුවාලය බරපතලය​. මම කැපී ගිය පටක යථා තත්වයට ගෙන ඒම සඳහා මැසුවෙමි. තරුණයා කිසිදු ශබ්දයක් නොකොට වේදනාව ජනනය කරන මැසීම ඉවසා සිටියේය​. එහෙත් මම ඔහුට පෙතඩීන් වේදනා නාශක මාත්‍රාවක් දුන්නෙමි. 

රෝගියාගේ තුවාලය මසා දමා මම ඔහුව වාට්ටුවට දැමුවෙමි. දැන් රෝගියාගේ ඇඳ ඉහ පත ලිවිය යුතුය​. එම නිසා මේ තුවාලය ඇති වූයේ කෙසේද කියා ඇසුවෙමි. එහෙත් ඔහු කිසිවක් කීවේ නැත​. මා දෙස අමුතු සිනහවක් දමා බලා සිටියා පමණි. 

මඳ වේලාවකින් ඔහුගේ ඥාතීන් රොත්තක් වාට්ටුවට කඩා වැදුනහ​. මේ වන විට ඇඳන් හිඟය නිසා රෝගියා සිටියේ බිම දමන ලද මෙට්ටයකය​. එය දුටු එක් මධ්‍යම වයසේ පුරුෂයෙකු වාට්ටුවේ හෙදියට දොස් කීවාය​. මේ පුරුෂයා තරුණයාගේ පියා බව අප පසුව දැන ගත්තෙමු. 

මේ අතර වාරයේ තවත් කෙනෙකු  රෝගියාගේ තත්වය කොහොමද කියා මගෙන් ඇසුවේය​. ඒ අවසරයෙන් සිදුවූයේ කුමක්ද කියා මම එකී පුද්ගලයාගෙන් ඇසුවෙමි. තරුණයාගේ මාමා කෙනෙකු වූ මේ පුද්ගලයා මට සත්‍ය සිද්ධිය කීවේය​. 

තරුණයා හමුදා සෙබලෙකි. ඔහු අසල්වැසි නිවසක වෛවාහක තරුණ කාන්තාවක් සමග අනියම් සබඳතාවක් පවත්වාගෙන ගියේය​. මේ තරුණ කාන්තාවගේ පුරුෂයා ප්‍රදේශයේ දාමරිකයෙකි. තරුණ හමුදා සෙබලා මෙම කාන්තාව සමග පෙම් සුව විඳිද්දී සැමියාගේ අතටම අසු විය​. තදින් කෝප ගත් සැමියා දැලි පිහියකින් හමුදා සෙබලාගේ වෘෂණ කෝෂයක් කපා දැම්මේය​. ඉන් පසුව දොර පොල්ලක් අතට ගත් ඔහු බිරිඳටද සොර සැමියාටද පහර දුන්නේය​. හමුදා සෙබලා ලේ පෙරාගෙන නිරුවතින් පැන දිවීය​. ඔහු ඤාතියෙකුගේ නිවසට ගොස් සැඟවුනේය​. ඉන්පසු එම ඤාතියා විසින් හමුදා සෙබලාව රෝහලට ගෙන එන ලදි. 

මේ කරුණු ගලපා මම ඇඳ ඉහ පත ලීවෙමි. එසේම පොලිස් මුර පොළටද දැණුම් දීමක් කලෙමි. තරුණ හමුදා සෙබලා අපගේ වාට්ටුවේ තව සතියක් දෙකක් පමණ සිටියේය​. තුවාලය සුව වූයෙන් ඔහුගේ ටිකට් කපන ලදි. එහෙත් සදහටම ඔහුට දැන් ඇත්තේ එක වෘෂණ කෝෂයකි. ඔහු තම අනාගත ජීවිතය කෙසේ ගත කරනු ඇද්ද කියා මට සිතුනි. 

වෛද්‍ය රුවන් එම් ජයතුංග 

Saturday, April 22, 2017

කසළ කවි

ඒ කන්දත් අපේ අපේ මේ කන්දත් අපේ අපේ කුණු කන්දත් අපේ අපේ කඩා වැටුණි අපේ හිසේ කුණු කන්දක් අපට ඇතේ ඒක වටා කොමිස් ගැසේ කුණු කඳු පෙරලුනත් හිසේ කොමිස් කෑම නතර නොවේ කුණු කන්දට යට වූවෝ යලි ගොඩ නොඑති කුණු කන්දෙන් හම්බ කල එවුන් ගොඩේ ගොඩය දහසක් මිනිසුන් යටවී මළත් උන් හොයති ගතමනාව මළ මිනී වලින් පවා වැඩ බැරි දේසපාලුවන් පාලනය කරන රටක් කසළ කළමනාකරනය කිරීමට නොදත් ජාතියක් හැබැයි උන්ගේ කතාව නම් මෙගා පොලිස් සයිටම් එකට විරාමයක් කුණු කන්දට ආරාධනාවක් ව සති දෙක තුනකින් තවත් ලොකු විකාරයක් නගින්න මීතොටමුල්ල කුණු කන්දේ සිරසට බලන්න නාසය වසාගෙන මෙගා පොලිස් ආශ්චර්‍ය අත් විඳින්න නිහඞව කුණු සාගරය පතුලේ මිහිදන් වූ අසරණයන්ගේ දුක්ඛිත මරණීය ස්වරය

Friday, April 21, 2017

කියුබාවක් හදමු



"අපි මේ ධනපති ක්‍රමය වෙනස් කරලා සමාජවාදී ක්‍රමයක් හදන්න ඕනේ කියුබාවේ උතුරු කොරියාවේ වගේ"

"ඇත්ත ධනපති ක්‍රමය අනිවාර්‍යෙන්ම වෙනස් කරන්න ඕනේ. හැබැයි සමාජවාදේ  ගෙනාවම මේ තියන ආර්ථික සමාජ ප්‍රශ්න විසඳෙයිද ? 

"නැතුව දැන් කියුබාවේ ඔක්කොම ආර්ථික සමාජ ප්‍රශ්න විසඳලා තියෙන්නේ සමාජවාදී ක්‍රමය ගෙනල්ලා"

"ඔබතුමා කියුබාවට ගිහිල්ලා තියනවද ?

"මම නම් ගිහිල්ලා නෑ ඒත්  සමුළුවකට සුමාන දෙකකට කියුබාවට ගිය අපේ නායක සහෝදරයෙක් කිව්වා කියුබාව ඉස්තරම් කියලා "

"මේ මහත්තයා කියුබාවට ගිහිල්ලා තියනවද ?

"ම්ම්ම්..... මමද ? මම එහෙ කාලයක් ජීවත් උනා"

" කියුබාවේ ජීවත් උනා ? මොනවද එහෙ කලේ ?

"මම ස්කැන්ඩිනේවියානු දානපතියන් එවපු ඇඳුම් , බෙහෙත් එහෙම දුප්පත් කියුබන් මිනිස්සුන්ට බෙදාහරින ආයතනයක වැඩ කලා "

පරිකල්පනික අතික්රමණය ) 

Thursday, April 20, 2017

දෙමළ වීම නිසාම දෙමළ ජනතාවට ඇති ප්‍රශ්න

 

දෙමළ වීම නිසාම දෙමළ ජනතාවට ඇති   ප්‍රශ්න ගැන කතා කිරීම දැලි පිහියෙන් කිරි කෑමකි. මේ ගැන අතිශයෝක්තියෙන් කතා කරන සමහරක් දෙමළ  ඩයස්පෝරාවෙන් පඩි ලබන කුලියට ලියන්නෝ වෙති.  මේ කුලී ලියන්නන්ට අනුව දෙමළ වීම නිසාම දෙමළ ජනතාවට දොට්ට පිලට යාමටද නිදහසක් නැත​. සිංහල ජාතිවාදීන්ට අනුව දෙමළ ජනතාවට දෙමළ වීම නිසා ලංකාවේ කිසිදු ප්‍රශ්නයක් නැත​. සමහරක් විට දෙමළ වීම නිසා ඔවුන් මහා ජාතියටත් වඩා වැඩිපුර වරප්‍රසාද ලබති. 

දෙමළ වීම නිසාම දෙමළ ජනතාවට ඇති ප්‍රශ්න ගැන සාධාරන කෝණයකින් කතා කරන්නෝ සිංහල ජාතිවාදීන් ගේ ප්‍රහාරයන්ට ලක් වෙති. මේ නිසා මෙම මාතෘකාව මඟ හැර යාම සුලබ තත්වයකි. එවැනි වාතාවරනයකදී දෙමළ වීම නිසාම දෙමළ ජනතාවට ඇති ප්‍රශ්න මොනවාද කියා සොයා බලමු. මා සඳහන් කරන්නේ මා විසින් දුටු සිද්ධීන් ය​. එම නිසා මෙය  මගේ අත්දැකීම් මත පාදක වූ ලිපියකි. 

කුඩා කාලයේදී අප කොල්ලන් සමග ක්‍රිකට් ගැසුවෙමු. මෙසේ ක්‍රිකට් ගසන විට වරක් බෝලය අසල්වැසි ද්‍රවිඩ ජාතිකයෙකුගේ වත්තට ගියේය​. එවිට කොළු නඩය ඔහුගේ වත්තට පැන ගෙවත්තේ පැළ පාගමින් බෝලය සෙව්වෝය​. මෙය දුටු ඔහු උරණව අපට තම වත්තෙන් පිටවී යන ලෙස අණ කලේය​. එවිට සමහර සිංහල කොල්ලන් වත්තෙන් පිටවී යන ගමන් ඔහුට පර දෙමලා කියාද යාපනේට පලයන් කියාද කීවෝය​. මේ 1976 වැනි කාලයක කොලඹ ජීවත් වූ මධ්‍යම පාන්තික ද්‍රවිඩ රජයේ නිලධාරියෙකු අවුරුදු දහයේ එකොලහේ සිංහල කොල්ලන් ගෙන් වාර්ගික අපහාස ඇසූ අවස්ථාවකි. 

1983 ජූලි කලබල වලදී මරදානේ තෝසේ කඩයක සේවය කල ද්‍රවිඩ මිනිසෙකුට මැරයන් විස්සක් පමණ වටවී පහර දෙනවා මම සියැසින් දුටුවෙමි. ඔහු අනිවාර්‍යෙන්ම මිය යන්නට ඇත​. 

ද්‍රවිඩ දන්ත වෛද්‍යවරයෙකු වූ එමර්සන් මහතා පදිංචිව සිටියේ කොලඹ ලිබර්ටි සිනමාහල පිටුපස ප්‍රදේශයේය​. 1983 දී ඔහුගේ නිවසට ගිනි තබන ලදි. වෛද්‍ය එමර්සන් මහතාගේ තරුණ දියනියත් පුතාත් ප්‍රවේසමට සිටියේ අපගේ නිවසේය​. මේ දෙදෙනා අපගේ නිවසේ සිටියදී දනින් වැටී යාඥා කරනවා මම දුටුවෙමි. ඔවුන් යාඥා කරන ලද්දේ ලේ සුවඳ සොයා ආ වෘකයන් ගෙන් බේරීමටය​. පසුව හමුදාවේ කපිතාන්වරයෙකුගේ ආරක්‍ෂාව සමග ඔවුන්ව කදිරේෂන් කෝවිලේ අනාථ කඳවුරට යවන ලදි. ඉන් පසු ඔවුන්  සරණාගතයන් ලෙස බ්‍රිතාන්‍යට ගියෝය​. 

මේ භීම සමයේදී රත්මලානේ සුකුමාරන් නම් තරුණයාගේ නිවසේ තිබූ භාණ්ඩ එලියට ඇද දමා ගිනි තබන ලදි. ජාතිවාදී ප්‍රහාරකයෝ සුකුමාරන් සිටි නිවස ගිනිබත් නොකලේ එහි හිමිකරු සිංහලයෙකු වූ නිසාය​. සුකුමාරන් එම නිවසේ සිටියේ කුලියටය​. මැරයන් විසින් ඔහුගේ සෝනි ටේප් රැකෝඩරයද පොලවේ ගසා ගිනි තබා තිබුනි. පසුව තමන් ගේ විනාශ කරන ලද භාණ්ඩ බැලීම සඳහා සුකුමාරන් පොලිස්කාරයන් දෙදෙනෙකු සමග එනවා මම සියැසින් දුටුවෙමි. පොලිස්කාරයන් කොල පුරවා යන්නට ඇත​. සුකුමාරන් ගේ මුහුනේ තිබූ වේදනාව මට තවමත් මතකය​. 

අපගේ වෛද්‍ය පීඨයේ සිටි ද්‍රවිඩ සිසුන් බොහෝ විට ප්‍රිය කලේ සිංහල සිසුන් ගෙන් වෙන්ව ජීවත් වීමටය​. සමහර ද්‍රවිඩ සිසුන් ශ්‍රී ලංකා හමුදාව යාපනේ ජන ඝාතන කරන බවට පත්‍රිකා සහ චායාරූප මගින් වෛද්‍ය පීඨයේ මහාචාර්‍යවරු දැනුවත් කලහ​. සමහරු කොටි සංවිධානය විසින් මරා දැමූ ඩොලර් ෆාම් කෙන්ට් ෆාම් සිංහල ගොවියන් ගේ   මෘත ශරීර වලද චායාරූප පෙන්වා ඒවා කලේ ශ්‍රී ලංකා හමුදාව බව කීහ​. මේ නිසා සිංහල සිසුන් සිටියේ අසතුටිනි. 

වෛද්‍ය පීඨයට යාපනයෙන් පැමිනි නේසානන්දර් නම් ද්‍රවිඩ සිසුවෙකු විය​. ඔහු ද්‍රවිඩ  සිසුන් අතර ප්‍රභාකරන් ගේ චායාරූප බෙදීම , පත්‍රිකා බෙදීම කලේය​. ඔහු දේශනද කට් කලේය​. තමා පාසල් යන විට තමාගේ පාසල් මිතුරන් හමුදාව විසින් මරා දමා තිබෙනු දැක තම සිත කම්පනයට පත්වූ බව ඔහු වෛද්‍ය පීඨයේ මහාචාර්‍යවරුන්ට කියා තිබුනි. මේ නිසා ඔවුන් නේසානන්දර්ට අනුකම්පා කලහ​. නේසානන්දර් කීවේ සත්‍යක් ද බොරුවක්ද කියා මම නොදනිමි. එහෙත් ඔහු මේ කතාව දිගින් දිගටම කියමින් දේශන අතපසු කලේය​. දේශන අතපසු කිරීමත් විභාග වලින් අසමත් වීමත් නිසා අවසානයේදී ඔහුව වෛද්‍ය පීඨයෙන් අස් කරන ලදි. ඉන්පසු ඔහු කැනඩාවට සරණාගතයෙකු ලෙස පැමින කොටි සංවිධානය වෙනුවෙන් වැඩ කලේය​. 2009 දී ස්කාබරෝ වලදී මම නේසානන්දර්ව දුටුවෙමි. ඔහු දැන් ආහාර පරික්‍ෂා කරන සෞඛ්‍ය පරීක්‍ෂකයෙකු ලෙස සේවය කරයි. 

මා සමග මීගමුව රෝහලේ සේවය කල රාම් මනෝහර් සහ සුදර්ශන් යාපනේ වෛද්‍ය පීඨයෙන් ඉගෙනුම ලබා තිබුනි. එල්.ටී.ටී.ඊ සංවිධානය සහ ශ්‍රී ලංකා හමුදා ගැටෙමින් තිබූ සමයක ජීවිත බේරාගෙන කුප්පි ලාම්පු එලියෙන් ඇනටමි සහ ෆිසියලොජි විශයන් පාඩම් කල අයුරු ගැන මට කීවේය​. රාම් මනෝහර් වර්තමානයේ බ්‍රිතාන්‍යයේ ජීවත් වන අතර ලංකාව හැර යාමට පෙර ඔහු මට ඩිනර් එකක් දුන්නේය​. 

ද්‍රවිඩ වෛද්‍යවරයෙකු වූ සුදෝකුමාර් වරක් සෞඛ්‍ය අමාත්‍යංශයෙන් ඔහු වෙත එවන ලද ලිපියක් රැගෙන මා වෙත ආවේය​. මේ ලිපිය ලියා තිබුනේ සිංහලෙනි. සිංහල කියවීමට නොදත් සුදෝකුමාර්ට ලිපිය මම පරිවර්තනය කොට දුන්නෙමි. 

උතුරු කොලඹ ශික්‍ෂණ රෝහලේ මා සමග සේවය කල වෛද්‍ය පද්මරාජ් මුලින්ම පාසල් ගියේ කොලඹ ඩී.එස් සේනානායක විදුහලටය​. අපොස සාමාන්‍ය පෙළ දක්වා සිංහල මාධ්‍යයයෙන් ඉගෙනුම ලැබූ ඔහුට කොලඹ හැරදා උතුරුකරයට යන්නට සිදු වන්නේ අනපේක්‍ෂිතවය​. ඒ 1983 මහෝඝය  නිසාය​. ඉන්පසු ඔහු උසස් පෙළට ඉගෙන ගන්නේ දෙමළ මාධ්‍යයෙනි. වෛද්‍යවරයෙකු වී වසර කීපයක් ලංකාවේ සේවය කල පද්මරාජ් පසුව ඇමරිකාවේ පදිංචියට ගියේය​. 

කැනඩාවේ මැකෙන්සි රෝහලේ මට හමුවූ වෛද්‍ය ක්‍රිෂ්ණා බාලචන්ද්‍රන් ඉතා නිහතමානී යහපත් මිනිසෙකි. ඔහු මනෝ වෛද්‍යවරයෙකි. දෙක වසර දක්වා ඔහු කොලඹ ඩී.එස් සේනානායක විදුහලේ සිංහල මාධ්‍යයයෙන් ඉගන ගත් අතර 1983 කළු ජූලියේදී ඔහුගේ නිවස ගිනි තබන ලදි. ඒ නිසා ඔහුගේ දෙමාපියන් කැනඩාවට සරණාගතයන් ලෙස ආහ​. ලංකාවේ වෛද්‍යවරයෙකු වූ ඔහුගේ පියා   වසර බොහෝ ගනනක්  වෛද්‍ය සීමාවාසිකය හෙවත්  රෙසිඩන්සිය ලබා ගැනීමට පෝලිමේ ඉඳ අවසානයේදී කැනඩාවේ වෛද්‍යවරයෙකු ලෙස සේවය ඇරඹීය​. තමන් ගේ ජීවිත උඩු යටිකුරු කල 1983 පිලිබඳව වෛද්‍ය ක්‍රිෂ්ණා බාලචන්ද්‍රන්ට වෛරී අදහස් නැත​. ඔහු එදෙස බලන්නේ උපේක්‍ෂාවෙනි. මා විසින් ලියන ලද Shell Shock to Palali Syndrome පොත පිලිගන්වන්නේ මනෝ වෛද්‍ය ක්‍රිෂ්ණා බාලචන්ද්‍රන්ට ය​. මේ පොතේ සිංහල සහ ද්‍රවිඩ ජාතීන් අතර සිදුවූ ගැටුම් නිසා දෙපාර්ශවයේම   වින්දිතයන් ගැන ලියවී තිබේ.  වෛද්‍ය බාලචන්ද්‍රන් ද මෙම ගැටුමේ වින්දිතයෙකි. 

දෙමළ වීම නිසාම දෙමළ ජනතාවට  ප්‍රශ්න තිබුනාක්   මෙන්ම සිංහල වීම නිසා උතුරුකරයේ ජීවත් වූ සිංහලයන්ටද ප්‍රශ්න තිබුනේය​. වවුනියාවේ ජීවත් වූ කරුණාරත්න නම් සිංහල පවුලක් මගේ මතකයට නැගේ. 1975 වැනි කාලයක වවුනියාවේදී මෙම කරුණාරත්න පවුල අපට ඉතා හොඳින් සැලකූහ​. නමුත් ගැටුම් ආරම්භ  වීමත් සමගම ඔවුන් තම දේපළ හැර දමා දකුණට ආහ​. මෙයාකාරයෙන් උතුරේ ජීවත් වූ සිංහල ජාතිකයන් බොහෝ දෙනෙකුට සිංහල වීම නිසා ප්‍රශ්න වලට මුහුණ දීමට සිදු විය​. 

තමන් ගේ ජාතිකත්වය නිසා ජීවත් වන රටේදී ප්‍රශ්න වලට මුහුණ දීමට සිදු වන්නේ නම් එය මානව ස්වීයත්වය පහල හෙලන තත්වයකි. බොහෝ රට වල විවිධ ජාතීන්ට විවිධ කාල වල තම ජාතිකත්වය නිසා හිංසනයන්ට මුහුණ දීමට සිදු විය​. දෙවන ලෝක යුද සමයේ යුරෝපයේ ජීවත් වූ යුදෙව් ජනයාත් ඇමරිකාවේ විසූ ජපන් ජාතිකයනුත්  කඳවුරු වලට  ගාල් කරන ලදි. වාසනාවකට මෙන් ජපන් ජාතිකයන් ගෑස් කාමර වලට නොයවන ලදි. 

ඇමරිකාවේ ජීවත් වන කළු ජාතිකයන්ට තම ජාතිකත්වය නිසා බ්ලැක් ලයිව්ස් මැටර් කියා බැනර් එල්ලීමට සිදු විය​. තම ජාතිකත්වය නිසා තමන් ප්‍රභේධකරණයට ලක් කරන බව ඕස්ට්‍රේලියාවේ මෙන්ම  කැනඩාවේ ආදිවාසිහු පවසති. ජර්මනියේ ජීවත් වන තුර්කි ජනයාත් , එංගලන්තයේ /ඇමරිකාවේ ජීවත් වන මුස්ලිම් ජනයාත්  තම තමන් ගේ ජාතිකත්වය අගම නිසා වියෝජනයන්ට ලක් කෙරෙන බව පෙන්වා දෙති. 

මිනිසුන් ගේ   ජාතිකත්වය නිසා ඒ මත පදනම් වී  ඔවුන්ව පරිපීඩනයට පත් කිරීම මිනිසත්කමට උචිත නැත​. මානවයා දියුණුවත්ම මෙවැනි අශිෂ්ට දුර්ගුණ සමාජයෙන් බැහැර කිරීම අනිවාර්‍ය වේ. ඒ සඳහා ආකල්පමය වෙනසක් සමාජය තුල ඇති කිරීම සඳහා ප්‍රජාපාලනයන් පෙරමුණ ගත යුතුය​. 

වෛද්‍ය රුවන් එම් ජයතුංග 

Wednesday, April 19, 2017

චන්දදායකයනි



අනේ චන්දදායකයනි 
තොපිම   පත්කරගන්න 
මජර  දේශපාලකයන්ට  
වැටුපුත් ගෙවල් කුලියත් ගෙවා 
කොමිස් - පගා  ගහන්නත් ඉඩදී 
වසර පහෙන් විශ්‍රාම වැටුපත් ගෙවා 
උන් ආරක්‍ෂකයන් සමග 
ලයිට් හෝන් ගසා එන විට
අමුඩ ලේන්සුවත් කරට ගෙන 
දීනවී කාණුවට බැස​
තමන්ගේම රටේ 
තමන්ම සරණාගතයන් 
වන්නේ කිම ?

Tuesday, April 18, 2017

ජ.වි.පේ ඝාතකයන්ට නොබියව මුහුණ දුන් වෛද්‍යවරිය



වෛද්‍ය ග්ලැඩිස් ජයවර්ධන ගැන නව පරපුර නොදන්නවා විය හැකිය​. එසේම තරුණ වෛද්‍යවරුන් ද වෛද්‍ය ග්ලැඩිස් ජයවර්ධන ගැන නොදන්නවා විය හැකිය​. 

ග්ලැඩිස් ජයවර්ධන යනු විශේෂඥ කායික වෛද්‍යවරියක් පමණක් නොව ලංකාව විසින් බිහි කරන ලද දුලබ වර්ගයේ ශාස්ත්‍රාලයීය කතකි. ඇය අධ්‍යාපනය ලබන්නේ කොලඹ කාන්තා විද්‍යාලයෙනි. ඉන්පසු කොලඹ වෛද්‍ය පීඨයට තේරෙන ඇය සාර්ථව වෛද්‍ය උපාධිය නිම කරන්නීය​. වෛද්‍යවරියක් වීමෙන් පසු වැඩිදුර අධ්‍යාපනයේ යෙදෙන ඇය ලන්ඩන් විශ්ව විද්‍යාලයෙන්  Parasitology විෂය හදාරා එම විෂයට ආචාර්‍ය උපාධියක් ලබා ගත්තාය​.  Parasitology විෂයට ආචාර්‍ය උපාධියක් ලබාගත් ප්‍රථම ලාංකික කාන්තාව වූයේද වෛද්‍ය ග්ලැඩිස් ජයවර්ධනයි. 

ලන්ඩන් විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය හදාරා ලංකාවට පැමිනීමෙන් පසු  වෛද්‍ය ග්ලැඩිස් ජයවර්ධන වෛද්‍ය පරියේෂණ ආයතනයේ සභාපතිනිය ලෙස පත්වීම් ලැබුවාය​. 

වෛද්‍ය පරියේෂණ ආයතනයේ සේවය කිරීමෙන් පසුව  දී ඇය රාජ්‍ය ඖෂධ සංස්ථාවේ සභාපතිනිය ලෙස පත් කරනු ලැබීය​. ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශය පවා ලැබුනු විජනලයේදී ළමුන්ට ප්‍රතිකාරයක් ලෙස භාවිතා කරන ජීවනී නම් මුඛ සජලන ප්‍රතිකාරය සඳහා භාවිතා කරන  ඖෂධය නිපදවන්නේ ඇයගේ සමයේදීය​.   මෙම දියර ඖෂධය  නිසා ළමුන් දස දහස් ගනනකගේ ජීවිත බේරා ගැනීමට ඇය සම්මාදම් වූවාය​.

1988- 98 කාලයේදී ජවිපෙ විසින් ඉන්දියානු ඖෂධ තහනමක් පැනවීය​. මේ නිසා දරුණු ඖෂධ හිඟයක් රෝහල් වල ඇති විය​. මෙයින් පහර වැදුනේ දිළිඳු ජනතාවටය​.  මිලෙන් අඩුමුත් ඉන්දියානු ඖෂධ තහනම් නිසා දුප්පත් රෝගීන්ට විශාල මුදල් ප්‍රමාණයක් වැය කොට ඇමරිකාව , එක්සත් රාජධානිය​, ජර්මනිය වැනි ධනපති රටවල් විසින් නිපදවන ඖෂධ පුද්ගලික ඔසුහල් වලින් ගැනීමට සිදු විය​.  

රේගුවේ රජයේ රෝහල් වලට බෙදීමට ගෙනා ඉන්දියානු ඖෂධ කන්ටේනර් ගොඩ ගැසී තිබුනද ජවිපෙ මරණ තර්ජන වලට බිය වූ රාජ්‍ය ඖෂධ සංස්ථාවේ නිලධාරීන් මේ ඖෂධ රේගුවෙන් මුදවා ගැනිමට ගියේ නැත​. වෛද්‍ය ග්ලැඩිස් ජයවර්ධනට ජවිපෙ මිනීමරුවන් ගෙන් තර්ජන එල්ල වෙමින් තිබුනි. ඉතා හොඳ රැකියාවක් , හොඳ ජීවන තත්වයක් ලබා ගැනීම සඳහා  ඉතා පහසුවෙන් බටහිර රටකට යාමේ හැකියාව තිබුනද ඇය ලංකාවේ නැවතී ජනතාවට සේවය කලාය​. 

ජවිපෙ මරණ තර්ජන වලට බිය නොවූ  වෛද්‍ය ග්ලැඩිස් ජයවර්ධන දුප්පත් රෝගීන් ගේ යහපත වෙනුවෙන් ඖෂධ රේගුවෙන් මුදවා ගැනිමට කටයුතු කලාය​. මේ නිසා ජ​.වි.පෙ ඝාතකයන් විසින් වෛද්‍ය ග්ලැඩිස් ජයවර්ධන 1989 සැප්තැම්බර් මස 12 දින  ඉතා නිහින ලෙස මරා දමනු ලැබීය​.  ඇයව මරා දැමීම මගින් අත්පත් කරගත් විමුක්තියක් නැතත් මේ  කුරිරු   ඝාතනය නිසා අන්තර්ජාතික කීර්තියට ලක්වූ උගත් කාන්තාවක් ලංකාවට අහිමි විය​. 

 වෛද්‍ය රුවන් එම් ජයතුංග 

Monday, April 17, 2017

මීතොටමුල්ල කුණු කන්ද සහ වේස්ට් මැනේජ්මන්ට්


අදක්ෂ , අදුරදර්ශී පාලකයෝ ඉන්න රටක්,  
උන්ටම සරිලන ගොන් බුරු ජනතාවක් ඉන්න රටක්, වේස්ට් මැනේජ්මන්ට් යන විශයවත් නොදන්න ජාතියක් 

Saturday, April 15, 2017

ලොරියේ හැපුණු මිනිසා

 

ලොරියක හැප්පුන ලෙඩෙකු 14 වාට්ටුවට ගෙනැවිත් කියා සිස්ටර් අළුවිහාරේ මට ඉන්ටකොම් දුරකථනයෙන් අමතා කීවාය​. වේලාව සවස හතට පමණය​. තේ එකක් බීමට වතුර උණු කිරීම සඳහා ගසා තිබූ හීටරය ගැලවූ මා වහාම වාට්ටුවට ගියෙමි. 

රෝගියා වාට්ටුවේ ඇඳක් මත සිටියි. ඔහුගේ කකුලින්  ලේ ගලා යයි. ඇටෙන්ඩන්වරුන් වන නොයෙල් සහ ජෝතිපාල  රෝගියාගේ ශරීරයේ තිබෙන මඩ ශුද්ද පවිත්‍ර කරති. 

නොයෙල් තරුණය​. ඔහු කඩිසර අයෙකි. මීට වසර දෙකකට පමණ පෙර අළුත් අවුරුදු දිනෙක ඔහු 14 වාට්ටුවේ ඩියුටි වැටී සිටියදී නැකැත් වේලාවට කිරිබත් කෑල්ලක් කෑමට නිවෙසට ගොස් ඒ හදිස්සියෙන්ම ආපසු වාට්ටුවට බයිසිකලයෙන් එද්දී වේගයෙන් ගිය වාහනයක නොයෙල්ව ගැටී තිබේ. හිසේ තුවාලයක් සහිතව සිහිසුන්ව සිටි නොයෙල්ව ගෙනැවිත් තිබෙන්නේ ඔහු ඩියුටිය කරමින් සිටි 14 වාට්ටුවටය​. වාට්ටුවේ සර්ජන්වරයා අවුරුදු නිවාඩුව පසෙකලා වහාම රෝහලට විත් හිසේ ශල්‍යකර්මයක් කොට නොයෙල් ගේ ජීවිතය බේරාගත්තේය​. 

ජෝතිපාල ජොලි පොරකි. ඔහු විවිධ කතා කියයි. ඔහුගේ මිතුරන්ට සිදු වූ ඇබැද්දි , තමන් ගේ වික්‍රම රස කරමින් ජෝතිපාල කියන අතර මම ඔහුට සවන් දෙමි. ජෝතිපාල රාත්‍රියට සිටියි නම් කාන්සියක් නැත​. ඔහු මාතලේ දිස්ත්‍රික්කයේ සියළුම ගම්මාන නගර දනියි. රෝගීන් ගෙන් ඔවුන් ජීවත් වන ප්‍රදේශ අසන ජෝතිපාල අහවල් කඩේ මුදලාලිව දන්නවාද ? අර හන්දියේ සොල්දර ගෙදර ඉන්න මහත්තයාව දන්නවාද යනාදී වශයෙන් ප්‍රශ්න අසයි. 

" සර් මෙයා මෝටර් සයිකලයෙන් යද්දී ලොරියක් ඇවිදින් හප්පගෙන ගිහින් " වෛද්‍යවරයාටත් කලින් රෝග ඉතිහාසය රෝගියාගෙන් ලබා ගත් ජෝතිපාල කීවේය​. 

මෝටර් සයිකල්කරුගේ කකුල කැඩී තිබෙන හැඩකි. වේදනාව නිසා ඔහු සිටියේ දෑස් වසාගෙනය​. ඔහුගේ මොලයට හානි වී තිබේද කියා බැලීමට ඇස් දෙකේ කණිනිකාවන්ට මම ටෝච් එලිය ඇල්ලුවෙමි. රෝගියාගේ කණිනිකාවන්ට ටෝච් එලියට ප්‍රතික්‍රියා කරයි. එසේම නාසයෙන් හෝ කනෙන් ලේ ගැලීමක් නැත​. රෝගියා සවිඥානිකය​. මේ නිසා රෝගියාට වේදනා සමනයට පෙතඩීන් මිලිග්‍රෑම් 75 ක් විදින ලෙසට මම හෙදියට කීවෙමි. හදිසි අවස්ථාවක් මතු වුවහහොත් රුධිර පාරවිලනය සඳහා රුධිරය සූදානම් කිරීමට ලේ බැංකුවට යාමට මම සූදානම් වූයෙමි. ඊට ප්‍රථම ඔහුගේ කකුලේ තුවාලය සුද්ද කොට රුධිර වහනය නවතා දැමුවෙමි. 

මේ සියළු කටයුතු නිමවා මම රෝගියාගේ ඇඳ ඉහපත ලිවීමට සූදානම් වූයෙමි. රෝග ඉතිහාසය ; මාර්ග අණතුරක් . දකුණු කකුලේ අස්ථි  භග්නයකි. මේ අතරවාරයේ නොයෙල් මාවෙත ආවේ‍ය​. 

" සර් අර ලෙඩා කියනවා ලොරිය මෝටර් සයිකලය හප්පපු වේලාවේ එයගේ ළමයත් , වයිෆුත් හිටියලු. ඒ දෙන්නගෙ ඇඟවල් උඩින් ලොරිය ගියාලු " 

මම වහාම ඕපීඩී එකට කෝල් එකක් දුන්නෙමි. ලොරි අණතුරක් නිසා මිය ගිය ළමයෙකුත් කාන්තාවකුත් බාහිර රෝගී අංශයට ගෙන ආ බවත් මෘත ශරීර මෝචරියට යැවූ බවත් ඕපීඩී එකේ වෛද්‍යවරයා මට කීවේය​. සිදුවී ඇත්තේ මහා විපත්තියකි. ඇසි පිය හෙලන මොහොතකදී පවුලක් විනාසවී තිබේ. මට රෝගියා කෙරෙහි අප්‍රමාණ දුකක් ආවේය​. 

පසුදින උදෑසන අප ඔහුව ශල්‍යාගාරයට ගෙන ඔහුගේ බිඳුණු අස්ථීන් නියමිත ලෙස පුරුද්දා ප්ලාස්ටර් ඔෆ් පැරිස් වලින් වෙලුවෙමු. ඒ අතරවාරයේ ඔහු මා සමග කතා කලේය​. 

" ඩොක්ටර් මගේ වයිෆුයි ළමයයි ඇක්සිඩන්ට් එකෙන් මැරිලලු මට ගෙදර යන්න පුලුවන්ද ? මළ ගෙදර වැඩ කරගන්න ? 

අපට කල හැක්කේ කුමක්ද ? ඔහුගේ ශාරීරික තුවාල වලට ප්‍රතිකාර කිරීමට පමණි. ඔහුගේ හදවතේ ඇතිවූ සුවිසල් තුවාලයට බෙහෙත් කිරීමට අප සතුව හැකියාවක් නැත​. දොස්තර වෘත්තිය ඉතා පටුය​. මේ රෝගියා ඉදිරියේ අප ලිලිපුට්ටෝ වී යන සෙයක් දැනුනි. 

පසු දින රෝගියාට තම පස් හැවිරිදි දරුවාගේත් බිරිඳගේත් මළගම් වලට සහභාගී වීම සඳහා අප තාවකාලිකව ඔහුගේ ටිකට් කැපුවෙමු. ඥාතියෙකුගේ සහායෙන් ඉතා  අමාරුවෙන් එක කකුලකින් අඩිය තබමින්  ඔහු වාට්ටුවෙන් පිටත්ව ගියේ දුක්මුසු මුහුණකින් මඳ සිනහවක් පාමිනි. 

මළගමේ වැඩ අවසන් කිරීමෙන් පසුව ඔහු යලි වාට්ටුවට ආවේය​. අප ඔහුගේ කැඩුනු කකුලට ප්‍රතිකාර කොට ඔහුව සුවපත් කලෙමු. එහෙත් ඔහුගේ ජීවිතය පෙර තිබූ පරිදි ප්‍රකෘතිමත් කිරීමට අප අපොහොසත් වූයෙමු. 


වෛද්‍ය රුවන් එම් ජයතුංග 


Friday, April 14, 2017

වයර් මාරු වීම

 


වැලන්ටයින් එකට සිල්  ගත්තෙමු 
වෙසක් එකට ජෝඩු පිටින්  ගොස් 
අඳුරු භූත ගුහා අස්සේ රිංගුවෙමු 
නූගත් මැරයන්ට වැඳ පුදා
ඔවුන්ව ජන නායකයන් කලෙමු 
භාහු භාණ්ඩික කාමභෝගී  පරපුටු
ආගමික පූජකයන්ට නමස්කාර කලෙමු
අපල උපද්‍රව තිබෙනවා කියූ කූටයන්ට
සේසත පුදා සාන්තිකර්ම කර ගත්තෙමු 
මුඛයෙන් හුස්ම ගත්තෙමු 
නාසයෙන් බත් කෑවෙමු 

Thursday, April 13, 2017

චාල්ස් ඇන්තනි පොඩි කාලයේ අළුත් අවුරුද්ද සැමරූ හැටි


ප්‍රභාකරන් අවුරුදු කාලයක හොරෙන් වෙස් වෙලාගෙන කොලඹ එන්නට සැරසුනේය​. එවිට එකල පොඩි කොල්ලෙකු වූ චාල්ස් ඇන්තනි " අප්පා කොලඹ ඉඳන් එන කොට මට අහස් කූරුයි රතිඤ්ඤායි ගේන්න කීවේය​. කොලඹ ආ ප්‍රභාකරන් තමන් ගේ වැඩ රාජකාරී අවසන් කරගෙන කිලිනොච්චියට යලි ගියේය​. එහෙත් කොල්ලා ගේන්නට කියූ අහස් කූරුයි රතිඤ්ඤායි ඔහුට අමතක විය​. 1;4;බේස් එක ලඟදී ඈත එන ප්‍රභාකරන් දැක චාල්ස් ඇන්තනි කොළුවා " අප්පා මට කොලඹින් අහස් කූරුයි රතිඤ්ඤායි ගෙනාවද ? කියා ඇසුවේය​. " මට ඒක අමතක උනා " කී ප්‍රභාකරන් රතිඤ්ඤා වෙනුවට ග්‍රනේඩ් තුනක් ද අහස් කූරු වෙනුවට ආර්.පී.ජී දෙකක් ද කොල්ලා අතට දී අන්න අරෙහෙට්ට ගෙනියලා මේවා පරිස්සමින් පත්තු කරපන් කියා කීවේය​. 

Wednesday, April 12, 2017

බටහිර අනුකාරකයා වෙනුවට ග්‍රාමීය පසුගාමීත්වයෙන් පෙලෙන්නා තෝරා ගැනීම

 

බොහෝ රජයේ ආයතන වල ප්‍රධානීන් ලෙස සිටින්නේ කළා උපාධිධාරීන් ය. මොවුන් බොහෝ දෙනෙකු ග්‍රාමීය පසුගාමීත්වය හිසේ දරාගෙන විශ්ව විද්‍යාල වලට පැමින හීනමානය හා සමාජ වෛරය නිසා නවක වධ වලට අනෙකුත් සිසුන් ලක් කොට තිබෙන සහාසික මානසිකත්වයෙන් යුතු පිරිසක් බව රහසක් නොවේ. මොවුන් පන්ති අතික්‍රමණය  කලද බරපතළ අනන්‍යතා අර්බුධ වල සිටින්නෝය​. ටයි පැළඳගෙන ආයතන ප්‍රධානීන් ලෙස සිටියද මොවුන් ගේ හිස් පිරී තිබෙන්නේ පසුගාමී අදහස් වලිනි. මොවුන්  ගන්නා පරිපාලන තීරණ යට තවමත්  හීනමානතා සංකීර්ණ වල ශේශ දක්නට තිබේ. මේ පිළිබඳව මට හොඳ අත්දැකීමක් තිබේ. 

1995 වසරේදී ග්‍රාමීය රෝහලක ආයතන ප්‍රධානියා ලෙස පෝලියෝ රෝග එන්නත් කටයුතු සඳහා ග්‍රාම නිලධාරීන් ගේ සහාය ලබා ගැනීම සඳහා මම හසලක ප්‍රාදේශීය ලේකම්වරයා හමු වීමට ගියෙමි. ඒ කාලයේ උප දිසාපති තුමා , ඩී.ආර්.ඕ මහත්තයා ලෙස ගෞරව නාම වලින් හඳුන්වන මෙම නිලධාරියා හමු වීමට ගිය මම මාරක අත් වැරැද්දක් කලෙමි. එනම් කොලඹ ප්‍රදේශයේ ආයතන ප්‍රධනීන් හමුවීමේදී කතා කරන අයුරින් ඉංග්‍රීසි බසින් මම ඔහුව ඇමතුවෙමි. 

අහේතුවකට මෙන් හසලක ප්‍රාදේශීය ලේකම්වරයා ඉංග්‍රීසි නොදත්කම නිසා හෝ ඉංග්‍රීසි ඇලර්ජික් වීම නිසාදෝ මට සිතාමතා නොසැලකිලිවන්ත ලෙස සැලකුවා පමණක් නොව ග්‍රාම නිලධාරීන් ගේ සහායද ලබා නොදුන්නේය​. මම ගියේ මිනිපේ දිස්ත්‍රික්කයේ ළමුන් සඳහා පෝලියෝ එන්නත දීමේ වැඩසටහන සාර්ථකව කිරීම සඳහා ඔහු ගෙන් රාජකාරිමය වශයෙන් උපකාරයක් ලබා ගැනීමටය​. එහෙත් ඔහු මට රිද්දවීම සඳහා පෝලියෝ එන්නත දීමේ වැඩසටහනට සහයක් දුන්නේ නැත​. 

මෙම නිලධාරියා ගේ ගම් පලාත වූයේද මිනිපේ දිස්ත්‍රික්කයයි. ඔහු එම ප්‍රදේශයේ හැදී වැඩී ඉගෙන ගෙන විශ්ව විද්‍යාලයට ගිය අයෙකි. එහෙත් තම ප්‍රදේශයේ ළමුන්ට ප්‍රතිශක්තිකරණය දීම  සඳහා කොලඹ දිස්ත්‍රික්කයෙන් පැමිණි වෛද්‍යවරයෙකුට  උපකාර කරනවා වෙනුවට ඔහු කලේ හීනමානය නිසා මගේ වැඩය බකල් කිරීමය​. අවසාන විග්‍රහයේදී මෙම කඩාකප්පල් කිරීම සෘණාත්මකව බලපෑවේ ඔහු ජීවත්වූ දිස්ත්‍රික්කයේ ළමුන්ටය​. එහෙත් මෙම නිලධාරීයාට ඒ ගැන සංවේදිතාවක් නොවීය​. ඔහුගේ හිසේ වැඩ කලේ ඉංගිරිස්කාරයාට වැඩක් දීම මිස ජාතික කර්තව්‍යකට සහාය දීම නොවේ. නමුත් මේ පුටුවේ බටහිර අනුකාරකයෙකු සිටියේ නම් ඔහු මට හොඳින් සලකා මගේ වැඩය සඳහා අගන සහායක්ද ලබා දෙනු නොඅනුමානය​. 


වෛද්‍ය රුවන් එම් ජයතුංග 


Tuesday, April 11, 2017

වාහන සෝදන තරුණයා

 

1994 සිට 1997 කාලය දක්වා මම සේවය කලේ මධ්‍යම පළාතේ රෝහල් වලය​. සති අන්තයේ කොලඹ පැමිනෙන මම සතියේ දින වල රෝහල් වල වැඩ කලෙමි. සමහර විට ඉඳහිට සඳුදා දින නිවාඩුවක් දමා ඉරිදා දිනයේද ගෙදර සිට සඳුදා උදෑසන කොලඹ සිට අදාල රෝහලට පැමිනීමද මම කලෙමි. 

මගේ ගමනාගමනයන් සිදු කෙරුනේ  සිදු කෙරුනේ මෝටර් රථයෙනි. සමහර විට පැය දෙක තුන නොනවත්වා මම වාහනය ධාවනය කරමි. කොලඹ නුවර පාරේ ගමනාගමනය අසීරුය​. බොහෝ වේලාවල් වලට  ගම්පහ සිට වේවැල්දෙනිය දක්වා වාහන තදබදය තිබේ. කෑගල්ල පසු කල විට වාහන තදබදය අඩු වූවද පුද්ගලික බස් සමහර විට වංගු වලදී ඇඟට එති. මේ නිසා වාහනය එලැවිය යුත්තේ පූර්ණ අවධානය යොදා ගනිමින් ය​.  

කොලඹ සිට ගමන් අරඹන මම කඩුගන්නාවේ වාහනය නවතා තේ බොමි. කඩුගන්නාවේ වාහන සෝදන ස්ථාන තිබේ. වාහන සෝදන්නෝ කඳු උඩ සිට ගලන උල්පත් වලට බට දමා ඒවා කන්ද පහළට ගලා ගෙන ඒමට සලසවන අතර බෑවුම නිසා ජල පහර බටය දිගේ වේගයෙන් ගලාගෙන එයි. මෙම වතුර පහර උපයෝගී කර ගෙන ඔවුන් වාහන සෝදති. තේ බීමට කඩුගන්නාවේ වාහනය නවතන මම වාහනයද සෝදා ගනිමි. ඒ කාලයේ වාහනයක් සේදීමට රුපියල් 30 - 50 අතර ගනනක් අය කරන ලදි. 

කඩුගන්නාවේ වාහන සෝදන්නන් අතර අවුරුදු 18 -19 පමණ තරුණයෙකු විය​. මම  නිතරම වාහනය සෝදා ගත්තේ මෙම තරුණයා මගිනි. රෙදි කැබැල්ලක් ගන්නා ඔහු ගලා එන දිය පහරින් එය තෙත් කොට ෂැම්පූ පැකට්ටුවක් කඩා දමා පෙන නංවමින් වාහනයේ බඳ සෝදයි. අසල කඩයෙන් තේ එකක් තොල ගාන මම ඔහුගෙන් නොයෙකුත් කරුණු අසමි. ඔහු තම ගෙදර ප්‍රශ්න ගැන කතා කරයි. එසේම ප්‍රාදේශීය සභාව වාහන සෝදන්නන්ට බදු ගැසීමට සැරගෙන බව කියයි. තවද ප්‍රාදේශීය දේශපාලකයන් මෙතැන වාහන සෝදන්නන් පළවා හැර ඔවුන් ගේ හෙන්චයියන්ට මෙම ස්ථාන දීමට උත්සහ කරන බව කියයි. 

මසකට වරක් දෙවරක් මේ පාරේ ගමන් ගන්නා මම බොහෝ අවස්ථාවලදී මෙම තරුණයා සිටින තැන වාහනය නවතා ඔහු මගින් වාහනය සෝදා ගත්තෙමි. කල් යත්ම ඈතින් එන මගේ වාහනය හඳුනාගෙන අත දමා එය නැවැත්වීමට ඔහු පුරුදුව සිටියේය​. මෙලෙස වාහනය සෝදන අවස්ථා වල ටිකක් වැඩිපුර ගනනක් ද මම ඔහුගේ අතේ තැබුවෙමි. තවත් අවස්ථාවක මම ඔහුට කමිස කීපයක් ද දුන්නෙමි. ඉතා තුති පූර්වකව ඔහු ඒවා භාර ගත්තේය​. 

වාහන සෝදන තරුණය ඉඳ හිට බුලත් සැපීම කලේය​. නමුත් ක්‍රමක් ක්‍රමයෙන් ඔහු මත්පැන් ( කසිප්පු) වලට ඇබ්බැහි වන බව මම නිරීක්‍ෂණය කලෙමි එසේම බීඩි බීමද ඔහු විසින් ආරම්භ කොට තිබුනේය​. මේ ගැන මම ඔහුට අවවාද කලෙමි. එවිට ඔහු වරදකාරී සිනහවක් පා ඔළුව කසයි. නමුත් ඔහු මත් පැන් බීම නොකඩවා කලේය​. 

දැන් ඔහු වාහනය සෝදන්නේ මත් පැන් සුවඳ පතුරවමිනි. මගේ අවවාද ගඟට කැපූ ඉණි මෙන් විය.ඔහුගේ ශරීරය දිරාපත් වී යයි. පෝෂ්‍යදායක ආහාර වේලක් නොලබන ඔහුගේ ශරීරය කසිප්පු සහ බීඩි නිසා අකලට මහළු වී යන සෙයකි. 

තවත් වසරක් ගෙවී ගියේය​. ඔහු තවමත් නරක පුරුදු වල එල්බ ගෙනය​. මා දුටු විට ඔහු වරදකාරී ලෙසින් සිනාසෙයි.  පාප මිත්‍රයන් ඔහු වටාය​. දහවල වාහන සෝදන ඔවුන් උපයන මුදල් හැලි අරක්කු කරුවන්ට පුද කරති. විශ රසායණිකයන් එකතු කොට පෙරන මෙකී විශ මත් පැන් ඔවුන් ගේ අක්මාව මෙන්ම වකුගඩු වැනි අභ්‍යන්තර ඉන් ද්‍රියන්ට හානි කරති. දිනපතා මත් පැන් බොන ඔවුන් දිරා ගිය උණ බට වැනිය​. 

1997 වසරේ අග භාගයේ මම මධ්‍යම පළාතේ සිට ගම්පහ ප්‍රදේශයට මාරුවක් ලබා ගත්තෙමි. ඉන් පසුව මට මෙම වාහන සෝදන තරුණයා හමු වූයේ නැත​. එහෙත් තවත් වසර තුනකට පමණ පසු මම මිතුරෙකු සමග නුවර ගියෙමි. ඒ යන විට කඩුගන්නාව අසලදී මෙම පුද්ගලයා මම යලිත් වරක් දුටුවෙමි. ඔහු ශාරීරිකව බොහෝ දුර්වළ වී ගොසිනි. හිසකේ ඉදිලාය​. සුරාධූර්ත්වයෙන් පෙලෙන්නන් ගේ සියළු බාහිර ලක්‍ෂණ මම ඔහු ගෙන් දුටුවෙමි. 

වෛද්‍ය රුවන් එම් ජයතුංග 

Monday, April 10, 2017

Depression in Old Age




Depression is a mood disorder -one of the common mental health problems facing people today. Depression can interfere with a person's ability to function effectively and productively. Depression is common among the elderly population. Some view depression as a physiological reaction in the old age.     But some researches deny this factor and point out adjustment difficulties in the old age cause depressive symptoms and emphasize depression is not a normal or necessary part of aging.

There are many psycho-physiological and social changes faced by the elderly. With aging numerous physical ailments such as diabetes, arthritis digestive problems etc emerge. In addition to these physical illnesses retirement, death of spouse, isolation, lack of recognition, financial problems, monotonous life style, lack of mobility can trigger depression.

Untreated and masked depression can cause various complications in elderly. Self harm and suicides becoming common among the aging population as a result of depression. Therefore, this has become one of the major public health issues.
  
There are many sings and symptoms visible among the elderly who are suffering from depression. Sometimes these symptoms are obscured and difficult to recognize. Many depressive elders complain of excessive fatigue, and loss of appetite. Their social withdrawal and isolation is marked and some abandon the interest in hobbies or other pleasurable activities. Sleep disturbances such as difficulty falling asleep or staying asleep, oversleeping, become prominent. Some indulge in alcohol and other drugs.  

Memory impairments are another factor in depression. Difficulty in concentrating and forgetfulness are common. Some depressed elders neglect their personal hygiene. Very often they can become irritated, nagging and come up with various accusations about their loved ones and caretakers. 

Some of the medical conditions can trigger depression. Those include Heart Disease, Stroke, Alzheimer’s disease, Multiple sclerosis, Cancer, Parkinson’s disease and Diabetes. In addition, some medications such as Steroids, Hormones, Hypertensive drugs, Anti Cancer drugs too induce depression.

There are many ways to combat depression in elderly. Connecting to others is one way of breaking the social isolation.  Helping others is one of the best ways to feel better   and regain perspective. Some elders get pets to keep company. Participating in activities that brought enjoyment in the past also another effective mode to forget worries. Laughter provides a mood elevation. Therefore watching a comedy reading funny books, exchanging humorous stories with the friends keep the person happy and active.

Maintaining a healthy diet is essential. Consuming alcoholic beverages frequently can worsen the depression.  Although elderly people have lack of mobility and strength, many safe exercises are designated for them to be active and to have an optimum mood. If the depressive symptoms are more prominent medical treatment and psychotherapy are recommended.

Aging population do no need to suffer in silent or otherwise. They can enjoy life as everyone else. Aging is not an obstacle to their happiness. 

Dr Ruwan M Jayatunge

Friday, April 7, 2017

සයිටම් නාටකය



සයිටම් යනු දිගු සිනමාවකි 
ජාතික සෝප් ඔපෙරාවකි 
එහි නළුවන් බොහෝ දෙනෙකි 
නෙවිල් මාමා , සමීර අයියා 
පාර බ්ලොක් කරගෙන ඉන්න මල්ලිලා 
මේ අපි දකින නළුවෝ වෙති 
පසු තලයෙන් බැහැරව සිටින 
අප දෑසින් නොදකින අදිසි 
අධ්‍යක්‍ෂකවරු බොහෝ දෙනෙකි 
ඔවුන් ඒ ඒ නළු නිලියන් මෙහෙයවති 
ජනතාව විශ්මිතව කට ඇරගෙන 
සයිටම් නාටකය  දිගටම බලති  
ඒ අතරවාරයේ ජීවන වියදම නගී 
හොරු ඇල්ලීමට විරාමයක් තබලාය 
පාලකයෝත් හොරුන් සමග එක්වී 
සන්ධානගතවී හොරකම් කරති 
ජනතාව බඩගින්නේ හාමතේය 
උන් ගේ පටි තද කරලාය 
දියවන්නාවේ කළවැද්දෝ 
අළුත්ම අළුත් වාහන ගනිති 
මාමලා බෑනලා බැංකු සුද්ද කරති 
 කුමකින් කුමක් වූවද සයිටම් නිසා 
වැඩ බැරි දාසලාගේ ආණ්ඩුව ගොඩය 
මිනිසුන් ගේ ඇස් ගිණිකනා වැටී තිබේ 
ඔවුන් සයිටම් නාටකය නරඹති 
අවසානයේදී නළුවන් සහ අධ්‍යක්‍ෂකලා 
සම්මාන ලබති ; ගොඩ යති 
ජනතාව තවමත් හාමතේ ඈණුම් අරිමින් 
මහා සයිටම් නාටකය නරඹති 


Thursday, April 6, 2017

රජරට වකුගඩු රෝගය සහ විශේෂඥ වෛද්‍ය රංග වීරක්කොඩි



රජරට වකුගඩු රෝගය  හෙවත්   CKDU (Chronic Kidney Disease of Unknown Aetiology)  ලංකාවේ  මහජන සෞඛ්‍ය ගැටලූවක්  බවට පත්වී තිබේ.   ගිරාදුරු කෝට්ටේ, කුරුණෑගල, ඇඹිලිපිටිය, හම්බන්තොට යන ප්‍රදේශ වල ගොවි ජනතාවගෙන් සැලකිය යුතු ප්‍රමාණයක් වකුගඩු රෝගයෙන් පෙලෙති.  කෘමි නාශක භාවිතයේදී නිවැරදි ක්‍රමවේදයන් භාවිතා නොකිරීම, කෘමිනාශක වැඩිපුර වැව්වලට එකතුවීම .එම වැව් ජලය ජනතාව පානය කිරිම,  මෙම රෝගය පැතිරීමට එක් හේතුවක් ලෙස සැලකේ.  සංඛ්‍යා ලේඛන අනුව දැනට රෝගීන්  20,000-22,000 අතර ප්‍රමාණයක් වකුගඩු රෝගය නිසා මිය ගොස් තිබේ. 

රජරට වකුගඩු රෝගය පිළිබඳව මෙතෙක් වැදගත් පරියේෂණයක් හෝ ප්‍රතිකාරාත්මක ක්‍රමවේදයක් සොයාගෙන නැත​. නලීන් ද සිල්වා සහ ඔහුගේ  නාථ කණ්ඩායම වකුගඩු රෝගයට දිව්‍ය ඔසුවක් සොයාගෙන තිබෙන බව 2011 වසරේ සිට පත්තර මගින් කීවද ඒවා අතේ රෝල් විය​. වකුගඩු රෝගය නිසා තවමත් මිනිසුන් දිනපතා මිය යති. එහෙත් ප්‍රතිකාර නැත 

ලංකාවේ වකුගඩු රෝගයට ප්‍රධාන හේතුව සහ ප්‍රතිකාර සෙවීම පිලිබඳව   වෛද්‍ය චන්න ජයසුමන , මහාචාර්‍ය නලීන් ද සිල්වා ඇතුළු පිරිසක් විසින් නිල උරුමක්කාරයන් වී සිටින අතර ඔවුන් දේව පනිවිඩ මධ්‍යකාරිනිය ප්‍රියන්තා සේනානායක  මගින් මේ ගැන පරියේෂණ පවත්වති. ( මෙම පරියේෂණය පිලිබඳව  වරක් මම යෝක් විශ්ව විද්‍යාලයේ පරියේෂකයෙකු වූ මහාචාර්‍ය ඇල්ස්ටෙයාර් මැප්ට පැවසූ අතර ඔහු දෙනෙත් මහත් කොට මා දෙස බැළුවා විනා කිසිවක් නොකීවේය ) 

තවද වෙනත් පරියේෂකයෙකු රජරට වකුගඩු රෝගය පිළිබඳව හැදෑරීමට ආ විගසම මෙම මාෆියා කණ්ඩායම ඔහුට හෝ ඇයට බටහිර අනුකාරයන් ; එන්. ජී.ඕ කාරයන් , කුම්භාණ්ඩයන්​, අසුරයන්, බෞද්ධ විරෝධීන් යනුවෙන් ලේබල් ගසා පළවා හරිති.  එම නිසා දැණුම සහ කුසළතාව තිබෙන පරියේෂකයෝ මාෆියාවට ඇති බිය නිසා රජරට වකුගඩු රෝගය  මග හැර යති. මෙකී මාෆියා කණ්ඩායමේ මූලික අරමුණ රජරට වකුගඩු රෝගය තව දුරටත් ජාතික ව්‍යසනයක් ලෙස උත්සන්න කොට ඉන් තමන් ගේ දේශපාලන බලය ලබා ගැනීමේ මාර්ගය තනා ගැනීමයි. 

රජරට වකුගඩු රෝගය  පිළිබඳව අධ්‍යනය කිරීමට මෙන්ම ඒ සඳහා ප්‍රතිකාර සොයා ගැනීමට හැකියාව මෙන්ම දැණුම තිබෙන විද්වතුන් ස්වල්ප පිරිසක් සිටිති ඔවුන් අතරින් විශේෂඥ වෛද්‍ය රංග වීරක්කොඩි සුවිශේෂය​. ඔහු වකුගඩු රෝග පිලිබඳ ප්‍රවීණයෙකි. 

වෛද්‍ය රංග වීරක්කොඩි සමග මම මතවාදීව ගැටී තිබේ. ඔහු තුල පවත්නා ඇරොගන්ස් ස්වභාවය නිසා මම ඔහුට කැමති නැත​. නමුත් රංග වීරක්කොඩි ගේ දැණුමට මම ගරු කරමි. කුහක ලෙස මම ඔහු තුල සිටින විද්‍යාඥයා යටපත් නොකරමි. වකුගඩු රෝග පිළිබඳව ඔහු විසින් ලියන ලද  පරියේෂණ පත්‍රිකා වලට කිට්ටුවෙන් වත් යාමට හැකි පත්‍රිකාවක් ලිවීමට  පොල්මංකාර කණ්ඩායමේ එක් අයෙකුවත් සමත් වී නැත​. එම නිසා රජය හෝ මැදිහත්වී වෛද්‍ය රංග වීරක්කොඩි වැනි පටු න්‍යාය පත්‍ර නැති විද්වතුන්ට මෙම විනාශකාරී රෝගයට පිළියම් සෙවීම සඳහා මාර්ගය සකස් කල දිය යුතුය​.


වෛද්‍ය රුවන් එම් ජයතුංග 

Find Us On Facebook