Saturday, September 3, 2016

සුනඛ මිතුරුදම්

 
කුඩා මීලා 

කුඩා කාලයේ අප නිවාඩුවට බණ්ඩාරවෙල ගොස් ඥාතියෙකුගේ නිවසේ නැවතී සිටියෙමු. මේ නිවසේ ශීබා කියා කළු -අළු පැහැයට හුරු බල්ලෙකු විය​. ශීබා කීකරු මෙන්ම ඥාණවන්ත බල්ලෙකි. අප ඌ සමග බණ්ඩාරවෙල ග්‍රාමීය පාරවල් වල ඇවිදීමට ගියෙමු. පසු කාලයක අපගේ ඥාතීන් බණ්ඩාරවෙල සිට අනුරාධපුරයට ගිය අතර ඔවුනට ශීබා රැගෙන යනු නොහැකි විය​. ඔවුන් බණ්ඩාරවෙල හැර දමා ගිය පසු ශීබා මිය ගිය බව අපට අසන්නට ලැබුණි. ශීබා ගේ මරණය අසා අප දුක් වූයෙමු. 

මම තුන වසරේ ඉගෙනුම ලබමින් සිටි කාලයේ බම්බලපිටියේ ලේඛා ස්ටුඩියෝව අසල ගැවසුනු බැල්ලක වූවාය​. අපගේ පාසල් බස් රථය නවත්වන්නේ ලේඛා ස්ටුඩියෝව ඉදිරිපිටය​. මේ නිසා බොහෝ දින වල උදෑසන මේ බැල්ල කුඩා පාසල් ළමුන් අතර දැවටී සිටියාය​. ළමුන් සමහර විට ගෙදරින් ගෙන එන බනිසක් හෝ පාන් කෑල්ලක් ඇයට දෙති. පැටවු ගසා සිටි මේ බැල්ල සමහර විට අප දෙන පාන් කෑල්ල හෝ බනිස් ගෙඩිය කටින් ගෙන පැටවුන්ට කෑමට ගෙන ගියාය​. 

වරක් අප පාසල් බස් රථය එන තෙක් ලේඛා ස්ටුඩියෝව අසල සිටියෙමු. සමර පාට මෙම බැල්ලද අප අතර සිටියාය​. එක් වරම දැල් ගැසූ වාහනයක් පැමින අප ඉදිරියේ නැවැත්වීය​. එම වාහනයෙන් සරමක් ඇඳි මධ්‍යම වයසේ මිනිසෙකු බැස්සේය​. ඔහු අත ළණු වලින් සෑදූ තොන්ඩුවක් තිබුනේය​.යම් කිසි නරක දෙයක් සිදු වනු ඇතැයි මගේ සිත කීවේය​.  ඔහු තොණ්ඩුව බැල්ලගේ ගෙලට දමා ඌව වාහනයට දමා ගත්තේය​. 

ළප​ටි මා කුමක් කරන්නද ? මම කුඩා අතින් මිට මොලවා වාහනයේ බඳට ගැසුවෙමි. " මේ ලේඛා එකේ බල්ලා " මම කෑගැසුවෙමි. එහෙත් වාහනය බැල්ල රැගෙන පිටත් විය​. එදින පාසලේ මට කිසිදු වැඩක් කිරීමට නොහැකි විය​. බැල්ලට සිදු වූයේ කුමක්ද ? ඔවුන් ගෑස් දමා බැල්ල මරා දමයිද ? ඇයගේ කුඩා පැටවුන්ට වන්නේ කුමක් ද ? ඔවුන් මව සොයා අඞයිද ? දහසකුත් එකක් ප්‍රශ්න වල මම ගිලී සිටියෙමි. අද වූවද මට තොණ්ඩුව ගෙලට සිරවී ජීවිතය බේරා ගැනීමට බැල්ල යෙදූ අසාර්ථක උත්සහය සිහිපත් වේ. 

හය වසරේ සිටියදී අපගේ ගෙවල් අසල කළු නම් බැල්ලක වූවාය​. කිසිවෙකුට අයිති නැති නමුදු අසල්වැසියන් විසින් කෑම දුන් ඇය ජීවත් වූයේ පාරේය​. මේ කාලයේ ඉලක්ක ගැනීම පිණිස ගල් ගැසීම මගේ සිරිත විය​. වරක් මම සෙල්ලමට මෙන් කළුට ගැසූ ගලක් ඇයගේ නලලේ වැදී නලල පැලී ලේ ගලන්නට විය​. මෙය දුටු මගේ සිත ශෝකයෙන් මෙන්ම වරදකාරී බවින් පිරී ගියේය​. ඉන් පසු බල්ලන්ට ගල් ගැසීම මම සහමුලින්ම නවතා දැමුවෙමි. 

හත වසරේ සිටියදී අපගේ ද්‍රවිඩ අසල්වැසි කාන්තාවකට අයත් වූ ජූඩි නම් බැල්ලක වූවාය​. මම මේ බැල්ලට තාප්ප උඩට පැනීමට පුහුණු කලෙමි. අප තාප්ප උඩට නැග සරුංගල් යවන විට ජූඩිද තාප්පය උඩට නැග්ගාය​. මේ බැල්ල පසු කාලයක වාහනයකට යටවී මිය යන ලදි. 

 මම සීමාවාසික පුහුණුව ලබන කාලයේ කුඩා ඇල්සේෂන් බල්ලෙකු මිලදී ගත්තෙමි. මෙම බල්ලා රිංගෝ නම් විය​. රිංගෝ මා සමග ඇවිදීමට , ඇළ දොළ වල පිහිනීමට පුරුදුව සිටියේය​. ඌ මගේ සෙවනැල්ල මෙන් වසර හතක් සිටියේය​. මම කොලඹට මාරුවී එන විට මිතුරෙකුට රිංගෝව දුන් නමුත් හාම්පුතාගෙන් වෙන් වීමේ දුක නිසා දෝ දෙසතියක් ඇතුලත රිංගෝ මිය ගියේය​. මම උගේ නිසල සිරුර ආදරයෙන් අතගා රිංගෝව වැලලීම සඳහා මිනිසෙකුට මුදල් දුන්නෙමි. 

මම මීගමුව රෝහලේ සේවය කරන සමයේදී අප සමග සිටි ද්‍රවිඩ වෛද්‍යවරයෙකු වූ ගෝවින්ද රාජා (ගෝවි)  බ්‍රවුනි නම් බැල්ලක ඇති කලාය​. බ්‍රවුනි අපට ආදරේය​. නමුත් නාඳුන තැනැත්තන්ට බුරාගෙන පනී. බ්‍රවුනි නිර්වින්දන වෛද්‍ය නිල නිවාසයේ ආරක්‍ෂකයා වූවාය​. 

වරක් ත්‍රිරෝද බයිසිකලයක් පදිමින් සිටි ආබාධිත පුද්ගලයෙකු පාර වැරදී අපගේ වෛද්‍ය නිල නිවාසය ආසන්නයට ආවේය​. මෙම ත්‍රිරෝද බයිසිකලය පදින්නේ අතින් කරකවන හැඞ්ල් එකක් මගිනි. මෙම අමුත්තා දුටු බ්‍රවුනි ඔහුට බුරාගෙන පැන්නාය​. බියට පත් වූ ආබාධිත පුද්ගලයා ඉක්මන් තියුණු යූ ටර්න් එකක් ගැනීමට ගොස් බයිසිකලය පෙරලී බිම වැටුනේය​. බ්‍රවුනි ඔහුව සපා කෑවේ නැති නමුදු බුරමින් ඔහු වටා යන්නට වූවාය​. මින් අසරණයා තවත් තැති ගත්තේය​. මම වහාම රෝහල් කම්කරුවෙකුට කතා කොට ආබාධිත පුද්ගලයාට බයිසිකලයට ගොඩ වීමට උපකාර කලෙමි. 

ගෝවි ගම්පහ රෝහලට මාරු වී යාමෙන් පසු නිල නිවාසයේ සිටි අනෙකුත් වෛද්‍යවරු බ්‍රවුනිව බලාගත් නමුත් රෝහලේ අළුත සාදන ගොඩනැගිල්ලක වැඩ කරන කම්කරුවන්ට බ්‍රවුනි බුරාගෙන පැනීම නිසා ඔවුන් බැල්ලට වසදී මරා දමන ලදි. 

කැනඩාවට පැමිනීමෙන් පසු සුනඛ මිත්‍ර සන්ථවයක් නොමැති නිසා මට පාළු ස්වභාවයක් ඇතිවූ හෙයින් මම කුඩා ජර්මන් ශෙපඩ් බැල්ලක මිලදී ගත්තෙමි. ලංකාවේ මෙන් නොව උතුරු ඇමරිකාවේ බල්ලන් ඇතිකරන්නන්ට නීති රැසක් තිබේ. එම නීති වලටද යටත්ව මම මේ කුඩා බළු පැටවා ඇති කරන්නට ගත්තෙමි. මීලා කියා නම් තැබූ බැල්ලට මේ වන විට මාස එකොලහකි. උගේ බර කිලෝ හතලිහක් පමණ වෙයි. 

කැනඩාවේ බල්ලෙකු ඇති කිරීම භාරධූර මෙන්ම වියදම් අධික ක්‍රියාවක් වූවද මම නිවසට එන විට මා පිලි ගැනීමට ඇඟට පනින මා අසල දැවටී සිටින මෙම සුරතල් සතා ලබා දෙන සන්තුෂ්ඨිය කියා නිම කල නොහැක​. සුනඛයා මිනිසාගේ නියම මිතුරෙකු බව මම සිතමි. 


46 comments:

  1. මමත් බල්ලන්ට ගොඩාක් ආදරෙයි. බල්ලන් පුසන් යනු පවුලේ සාමාජිකයින්ය. නමුත් සුරතුලුන් ඇතිකොට ඔවුන් තනිකර දමා යාම පව් වැඩකි. මටත් බල්ලෙකු හදා ගැනීමට මහත් වූ ආශාවක් ඇත. නමුත් මා සිටින නිවාස උඩ තට්ටුවක් වන බැවින් සුරතල් සතෙකු හදා ගැනීම අපහසුය. තමන්ගේ වාසස්ථානය පිලිබඳ විශ්වාසය නොමැතිනම් සුරතලුන් ඇතිකිරීමෙන් වැලකි සිටිය යුතුය.

    දැනට වසර කිහිපයකට උඩදී මාගේ සේවාස්ථානයේ ජර්මන් ජාතික මිතුරියක වූ Anna Smith කොල්ලුපිටියේ ඉබා ගතේ ඇවිද ගිය බලු පැටවූ දෙදෙනෙකු අරන් හදා ගත්තාය. එවන විට කුෂ්ට රෝගවල ලක්ව තිබු පැටවුන් දෙදෙනාට ඇය ප්‍රතිකාර කොට සුවපත් කොට හදා ගත්තාය.

    පසුව ඇය ඇයගේ සේවා කාලය අවසන් වූ බැවින් ඇයට නැවත ජර්මනියට යාමට සිදුවිය. ඇය බලුපටවුන් දෙදෙනා සමග ජර්මනියට ගියාය. සතුන් ප්‍රවාහනය වෙනුවෙන් ඇය විශාල මුදලක් වැයකොට තිබුණි. දැන් ඇය සිටින්නේ ඇමරිකාවේ නොර්ත් කැරොලිනා ප්‍රාන්තයේ චර්ලට් හි ය. ඇය ජර්මනියෙනුත් ඇයගේ සුරතලුන් දෙදනා ඇමරිකාව වෙත රැගෙන ගොස්ය. මා අයගේ ෆේස්බුක් හි සුරතලුන් දෙදෙනා සුවෙන් හා සතුටින් සිටිනු දැක්කෙමි.

    ReplyDelete
    Replies
    1. බල්ලන් පුසන් යනු පවුලේ සාමාජිකයින්ය/////////// athha

      Delete
  2. මේ වනවිට ලංකාවේ බලු වැන් හෝ විෂ එන්නත් කිරීම සිදු නොවේ. එය සත්ව සංවිධාන වලින් එල්ල කරන විරෝධතා හමුවේ ඉබා ගාතේ යන බල්ලන් මැරීම සහමුලින්ම නවතා ඇති අතර දැන් සිදු කෙරෙන්නේ බල්ලන් වන්ධ්‍යාකරණයට ලක්කිරීමය.

    අප පාසල් ගොස් නැවත ගෙදර පැමිණෙනවිට ආරංචි වුයේ පැය බාගෙකට පමණ කලින් අපෙගේ ගෙදර සිටි බලු සුරතලාව පාරේ සිටින විට බලු වැන් එකෙන් අල්ලාගෙන ගොස් ඇති බවත් ය. අම්ම සහ තාත්තා වැඩට ගොස් සිටි අතර ගෙදර සිටියේ ආච්චි පමණක් බැවින් ඇයට කල හැකි දෙයක් නොවුනි. ඇය ඉතා දුකින් බලු වැන් එකට බැන වදිමින් සිටිනු මා දැක්කෙමි. පසුව අල්ලපු ගෙදර අයියා සමහ ( ඔහු මට වඩා වසර 11 කින් පමණ වඩිමහල්ය ) ඔහුගේ මෝටර් බයිසිකලයේ නැගී බලු වෑන් එක හබා ගියෙමු. පසුව ඉතා අපහසුවෙන් ඔවුන් සමග සාකච්චා කොට ඇත රුපියල් 100 ඔහුගේ ඇත මිට මොලවා බාර් එකෙන් ගල් අරක්කු බෝතලයක් අරන් දී අපගේ සුරතලව බේරා ගත්තෙමු.

    ReplyDelete
    Replies
    1. මචෝ උඹත් ඒ විදිහට බේරගත්ත එකෙක් නේද

      Delete
    2. ඔහුගේ මෝටර් බයිසිකලයේ නැගී බලු වෑන් එක හබා ගියෙමු. පසුව ඉතා අපහසුවෙන් ඔවුන් සමග සාකච්චා කොට --- බේරා ගත්තෙමු.
      +++++++++++++++

      Delete
    3. මව්පියන් හැරුණුකොට මිනිසෙකුට ආශ්‍රය හැකි හිතවත්ම සහ විශ්වාසවන්තම ජීවියා බල්ලාය යන්න මගේ නිගමනයයි

      Delete
    4. මටත් ඔය හා සමාන අත්දැකීමක් තියෙනව. ඒ කාලෙ බලු හබරු අල්ලන්නෙම දඩාවතේ යන උන් නෙවෙයි ගෙවල් වල ඇතිකරන බල්ලන්ව. ඊට පස්සෙ අත අරින්න ගානක් ගන්නව.බලු වෑන් එක එනකොට දඩාවතේ යන බල්ලො ලොවෙත් නෑ ලොවි ගහෙත් නෑ ලෝවැඩ සඟරාවෙත් නෑ. උන් මාරු වෙනව. උන්ට අමර ඉවක් තියෙන්නෙ. එක දවසක් මම ගේට්‍ටුව ඉස්සරහ මිතුරන්කීපදෙනෙක් එක්ක කතා කරමින් ඉන්නකොට (තාප්පෙ උඩ වලක් බැහැගෙන ඝිටියෙ හිටං) මගේ බල්ලත් අප අසල ගැවසෙමින් හිටිය(සුවාමිය වගේම ඌත් වල කාරය පාරෙ යන කෑලි වලට ටෝක් කර කර හිටියෙ). එකවරම මගේ මිතුරෙක් "මචන් අර උඹේ බෲන නේ බං අරූ අල්ලං යන්නෙ" කියල කියන කොට මම හැරුල බැලුව. එතකොට හබර තොන්ඩුව දාල බල්ලව ඇදන් යනව. වට පිට බලනකොට අතට අහූනා පොල්ලක්. පැන්නගමං දුන්න දෙක තුනක්....මූ අම්මෝ කියක කෑගහනකොට තවදෙන්නෙක් වෑන් එකෙන් පැන්න මම උන්ටත් දෙන්න හදනකොටම තාත්ත ඇවිත් මගෙ බෙල්ලෙන් අල්ලගත්ත. හබර කියනව මම උන්ගෙ රාජ කාරියට බාදා කලා කියල පොලොසි යනව කියල. වට වෙච්ච මිනිස්සුන්ට කියනව මම පිස්සු බල්ලන් අල්ලන්න දෙන්නෙ නෑ කියල. යකෝ බෙල්ලෙ කරපටියක් දාල තියෙන්නෙ දඩාවතේ යන බල්ලන්ටද බොල තොට පොලිසි බැරිනං ඕන තූත්තු කුඩියක පල ආයිත් මේපැත්තෙ ආවොත් අඬු කඩනව කිවුව. ඉන් පස්සෙ උන් පැත්ත පලාතෙ ආවෙ නෑ. මම කලේ වැරදි වැඩක්. ඒත් හබරා තමං ගේ රාජ කාරිය හරියට කලානං එහෙම වෙන්නනෑනෙ. ගෘහාශ්‍රිත බල්ලන්ට බෙල්ලෙ කර පටියක් දාන්න ඒකාලෙ රජයෙන් නියම කරල තිබ්බ.

      Delete
    5. බලු හබරට නෙලපු එක කේස් ; රජයේ නිලධාරියෙකුට පහර දීම

      Delete
  3. සුනඛ මිත්‍රයින් බොහොම ආදරණියයි...ඒ ආදරය කරුණාව සමහර මිනිසුන් ළඟවත් නැහැ...

    ReplyDelete
    Replies
    1. ඒ ආදරය කරුණාව සමහර මිනිසුන් ළඟවත් නැහැ /// agree

      Delete
  4. ගූතලන් කියල එකෙක් සක්කිලි බල්ලෙක් ඉන්නවා පිස්සු හැදිච්ච. ඕනනම් හදා ගන්න දෙන්න පුළුවන්

    ReplyDelete
    Replies
    1. කරුණාකර අන්‍යන්ට අපහාස කිරීමට මගේ බ්ලොගය යොදා ගන්න එපා

      Delete
    2. You had better remove this insulting comment sir.

      Delete
  5. මාගේත් දන්නා කාලයක පටන් හොඳම යහලුවා බල්ලෙකි. මම බල්ලන්ට බොහෝ සේ ආදරය කරමි. එහෙත් දඩාවතේ යන බල්ලන් විඳින කරදර වලට අකමැතිවාක් මෙන්ම එම බල්ලන්ගෙන් සමාජයට වන කරදරයටද අකමැතිය ( රෝග බෝවීම සහ අනෙකුත් ගැටලු). බල්ලන්ට ආදරය කිරීමයනු දඩාවතේ යන බල්ලන් බෝවීමට සහාය දැක්වීම නොවේ. එමගින් කරන්නේ එම බල්ලන්ටත් අනර්ථයකි. එක්කෝ ඒ බල්ලන් ගෙදර ගෙනගොස් හදාවඩා ගත යුතුය. සමාජ ආරක්ශාව මෙන්ම බල්ලන්ගේම යහ පැවැත්ම සඳහා දඩාවතේ යන බල්ලන් ඉවත් කලයුතුය.

    (බල්ලා බැඳගං කියා කියමනකුත් ඇත.. හැක... හැක..)

    ReplyDelete
    Replies
    1. බල්ලන්ට ආදරය කිරීමයනු දඩාවතේ යන බල්ලන් බෝවීමට සහාය දැක්වීම නොවේ +++++++++++++++++++

      Delete
  6. සම හරක්ට වඩා බල්ලො හොඳයි කියලා මටත් වෙලාවකට හිතෙනවා... මම නම් බල්ලන්ට වඩා මිනිසුන්ට ආදරෙයි...

    ReplyDelete
    Replies
    1. බල්ලන් සහ මනුෂ්‍යයින් යන කොට්ටාශ දෙක සන්සන්ධනය කිරීම මෝඩ ක්‍රියාවකි. සුරතල් සතෙකුට ආදරය කල නොහැකි කෙනෙකුට මිනිසුන්ට ආදරය කල නොහැක.

      ගෙදරක කුඩා දරවන් සිටිනම් සුරතල් සතෙකු සිටීම ඉතා වැදගත්ය. ළමයින්ගේ සහ වැඩිහිටියන්ගේ මානසිකත්ව වර්ධනයට ඉතා වැදගත්ය. රුවන් කියපු ආකාරයට අප කොහේ හරි ගොස් සවසට නිවසට පැමිණෙන විට අපව සුරතලා පිළිගන්නා විට අපට දැනෙන්නේ අපමණ මානසික සුවයකි.

      Delete
    2. !) මම නම් බල්ලන්ට වඩා මිනිසුන්ට ආදරෙයි ( මාතෙ බල්ලෝ සමහර විට මිනිසුන්ට වඩා උතුම් ගති පෙන්වති )

      2) ගෙදරක කුඩා දරවන් සිටිනම් සුරතල් සතෙකු සිටීම ඉතා වැදගත්ය. ළමයින්ගේ සහ වැඩිහිටියන්ගේ මානසිකත්ව වර්ධනයට ඉතා වැදගත්ය.////////// +++++++++++

      Delete
  7. බල්ලන්ගෙ ප්‍රශ්නෙ තව ගැටලුවකුත් තියෙනවා. ලන්කාවේ වැඩියෙන්ම ඉන්නේ වීදි බල්ලන් එහෙමත් නැත්නම් අයිතිකරුවෙක් නැති සත්තු. මේ සත්ත් තමයි වැඩි ප්‍රමාණයක් පිස්සු බලු රෝගයට හේතු වෙලා තියෙන්නෙ. සාමාන්‍යයෙන් වසරකට තාමත් 20ත් 30ත් අතර ප්‍රමාණයක් මිය යනවා. ගැටලුව තමයි ලන්කාවේ වගකීම් සහිත අයිතිකාරත්වය (Responsible dog ownership)පිලිබඳ ක්‍රම වේදයක් නැති වීම. වසරකට මිලියන 300ක් විතර anti rabies vaccine & serum වලට සෞඛ්‍ය අමාත්‍යන්ශය වැය කරනවා. ශල්‍ය වෛද්‍යවරුන්ගෙ ප්‍රාදේශීය මිලදී ගැනීම් වලින් සීයට හැටක් විතර වැය වෙන්නෙ මේවට.
    http://www.rabies.gov.lk/sub_pages/rs.html
    ප්‍රශ්නෙ පැති දෙකම වැදගත් කියලා තමයි මටනම් හිතෙන්නෙ. මාතලන් කිව්වා වගේ බල්ලන්ට වඩා මිනිස්සු වටිනවා කියලා කිව්වොත් කට්ටියක් තරහ වෙයිද මන්දා
    කොහොම උනත් මිනිස්සුන්ටයි බල්ලන්ටයි දෙගොල්ලටම සාධාරණ විසදුමක් හොයන්න වෙන්නෙ මිනිස්සුන්ටම තමයි

    ReplyDelete
    Replies
    1. අයාලේ යන සුනකයින් වන්ධ්‍යකරණය හොඳ විසඳුමක්.

      Delete
    2. ලන්කාවේ වගකීම් සහිත අයිතිකාරත්වය (Responsible dog ownership)පිලිබඳ ක්‍රම වේදයක් නැති වීම.////////// මේවා සංවාදයට ලක් විය යුතුයි

      Delete
  8. I feel sometimes owners are careless about their dogs. They think that if the the dog has the collar everything is ok. Although dogs bite people going on the roads owner do not care. When this happens to me i go to their homes and scold them :)

    ReplyDelete
    Replies
    1. the answer is : Responsible dog ownership

      Delete
  9. මාත් දැකල තියෙනව බලු වෑන් දකිනකොට වල් බල්ලො පැත්තකවත් නොයිද දුවනව.
    මොනව උනත් කාලයක් හදල අතෑරල දාල යන එකනං හොඳ දෙයක් වෙන්නෙ නෑ ඒ සතාට.

    ReplyDelete
    Replies
    1. ඇත්ත නමුත් බල්ලා කොලඹ ගෙනියන්න මට හැකියාවක් තිබුනේ නෑ

      Delete
  10. "Outside of a dog, a book is a man’s best friend. Inside of a dog, it’s too dark to read" - Groucho Marx

    ReplyDelete
  11. මටත් ඔයි බළු පිස්සුවක්තියනව.මගේ බ්ලොගෙත් මගේ බල්ලො ගැන සෑහෙන ලියලතියනව.කැලේට පිපුණු මල් වලට ඇවිත් බලන්න.බල්ලෙක් නැති ගෙදර ගෙදරක් නෙමෙයි කියල මට තාමත් හිතෙනව

    ReplyDelete
    Replies
    1. බල්ලෙක් නැති ගෙදර ගෙදරක් නෙමෙයි

      Delete
  12. බල්ලෝ නම් මමත් කැමතිම සතෙක් නමුත් ඉතින් ඉන්න තැන හදන්න අමාරුයි ඔය රුවන් කියන නීති රීති නිසා. බැක් යාඩ් එකේ ඉඩ තියන නිසා බල්ලට නිදහසේ ඉන්න පුලුවන් නේද? වත්ත පුරා වේලුන මේපල් කොල තියෙන්නේ ගිම්හානය නිසාද?වැට මායිම දිගේ වීඩ් කිලර් ගසා ඇතිබවක්ද පෙනේ.

    ReplyDelete
    Replies
    1. වැට මායිමට තිබ්බ තක්කාලි පැල මැරිලා , බෑක් යාඩ් එක නිසා බල්ලට දුවන්න කරන්න පුලුවන් ටිකක්

      Delete
  13. මම මැක්කන්ට හරිම සංවේදීයි, ඒ නිසා බල්ලන් ආශ්‍රයකරන්නේ නෑ. බල්ලන්නේ වැඩ ඇත ඉඳන් බලා ඉන්නවා.

    ReplyDelete
    Replies
    1. ++++
      මමත් එහෙමයි.

      Delete
    2. පොඩි ජෙල් එකක් තියනවා ඒක සමර් කාලෙට හමට දැම්මම මැක්කෝ එන්නේ නෑ

      Delete
  14. අපේ ගෙදර නම් ඔක්කොම ඉන්නෙ අහළ පහළ සුපින්වතුන් ගහලා පන්නපු බැල්ලියන්.අපේ ගෙදර උන්ට ආරක්ෂාව තියෙන වග දන්න නිසා මෙහෙන් හෙළවෙන්නේ නෑ.

    ReplyDelete
    Replies
    1. කෑමත් ලැබෙනව ඇති

      Delete
  15. අපේ ගෙදර ඉන්න 'සැබී' පවුලේ කෙනෙක් වගේමයි. ඒ තරම් තදබල බැඳීමක් තියෙන්නේ.

    වීදි බල්ලන් නොමරා, වන්ධ්‍යාකරණය මගින් පාලනය කිරීම හොඳයි.

    මොනවද ඔය රටේ තියන 'බලු නීති'? :D

    ReplyDelete
    Replies
    1. මේ රටේ බලු නීති තදයි. බලන්ව අයාලේ යවන්න බෑ , එලියට යන විට දම්වැල තිබිය යුතුයි. , බල්ලා වෙට් ලඟ රෙජිස්ටර් කිරීම අනිවාර්‍යයි, බල්ලගේ බෙල්ලේ චිප් එකක් දානවා ඒකේ විස්තර තියනවා, බල්ලාට හිංසනයක් උනොත් නඩු පවා දානවා

      Delete
  16. අපේ ගෙවල් හරියෙ බැල්ලියෝ තිඹිරි ගෙදර විදිහට පාවිච්චි කරන්නෙ අපේ ගෙදර.. මොකද පැටව් ලොකු වෙනකොට බත් බ්ලෙන්ඩර් කරලා දෙන්න තරම් අම්ම උන්ට සලකනවා.ඒත් උන්ව ගෙදර රඳවගන්නෙත් නෑ.. ලොකු වෙනකොට යන්න යනවා.
    දැනට ඉන්න එක්කෙනත් හොඳටම වයසයි.ආයු සංස්කාරය අතාරින්නෙ නැද්ද කොහෙදො.බය උනාම දුවගෙන ඇවිල්ල රිංගන්නෙ ගස්ලබ්බගෙ ඇඳ යටට.. හෙහ් හෙහ්.. ඇස් පෙනෙන්නෙත් නැතුව ඇවිදින්නත් බැරුව වෙව්ල වෙව්ල හිටියට අපිව නෝට් වෙච්චි ගමන් නැට්ට වනන එක නම් නැවතිලා නෑ තාම.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ඇවිදින්නත් බැරුව වෙව්ල වෙව්ල හිටියට අපිව නෝට් වෙච්චි ගමන් නැට්ට වනන එක නම් නැවතිලා නෑ///////// පණ අදින බල්ලන් පවා ආදරේට නැට්ට වනවා දැකලා තියනවා

      Delete
  17. //මෙම සුරතල් සතා ලබා දෙන සන්තුෂ්ඨිය කියා නිම කල නොහැක​. //
    අපේ ජීවිතකාලයට සංසන්දනාත්මකව බල්ලන්ගේ ජීවිතකාලය කෙටි වීම නිසා පවුලේ කෙනෙක් හැම අවු 10කට සැරයක් වගේ මැරනවා. ඒක විඳින්න අමාරුයි. ඒත් නැතුව ඉන්නත් බෑ.මට ජීවිතයේ ලොකුම සතුටක් හා අවසානයේ ලොකුම දුකක් දෙන අය තමයි ඒගොල්ලො.

    ReplyDelete
    Replies
    1. ඒක නම් දුක හිතෙන දෙයක්

      Delete
  18. ඔහුන් හා කාලය ගෙවීමත් විශාල තෘප්තියක්

    ReplyDelete
  19. බල්ලන්ට පූසන්ට කැමතියි. නමුත් අනුන්ට කරදරයක් වන විදියට ඒ සත්තු ඇතිකිරීමට නං විරුද්ධයි.
    මීලා නං ලොකු ළමයෙක් දැං. (බුකියෙදි දැක්ක)

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook