Monday, September 26, 2016

කන්සල්ටන්ට් උමතුව

 


අතීතයේ වෛද්‍යවරු  කන්සල්ටන්ට් හෙවත් විශේෂඥ මට්ටමට පත් වූයේ දැණුම අත්දැකීම් වලින් පරිණතව වෛද්‍ය විද්‍යාවෙන් පමණක් නොව  ජීවිත අත්දැකීම් වලින් ද පරිපූර්ණ වූ මිනිසෙක් ලෙසටය​. එහෙත් පසුකාලීනව විශේෂඥ විද්‍යවරුන් ගේ හිඟය නිසා පශ්චාත් උපාධි ආයතන විසින් ආප්ප බාන්නාක් මෙන් අපරිණත වෛද්‍යවරු විභාග වලින්  තල්ලු කරවා දෙවසරක් පමණ විදේශ පුහුණුවක් දී ඔවුන්ට විශේෂඥ ලේබලය ගසා රෝහල් වලට එවන්නට විය​. දැණුමෙන් මෙන්ම ජීවිතාවබෝධයෙන් පිරිපුන් නොවූ මෙම කන්සල්ටන්ට්ලා රෝහලේ සම්පත් වලට මෙන්ම පුද්ගලික සේවය සඳහාද මරා ගනිති. මීට හොඳම නිදසුන   කරාපිටිය රෝහලේ  හෘධ   හා උරස් ශල්‍ය  අංශයේ විශේෂඥවරුන් ගේ කඹ ඇදීමයි.  මොවුන් ගේ මොන්ටිසෝරි ගෝරි දකින විට පෙනී යන්නේ ජීවිත විද්‍යාවෙන් මොවුන් කෙතරම් පසුගාමීද යන්නයි. 

මෑතකදී තමා හලාවත රෝහලේ විශේෂඥ මනෝ වෛද්‍යවරයෙකු බව කියූ තරුණ වෛද්‍යවරයෙකු සමග මම සංවාදයේ යෙදුනෙමි. අහංකාර ලෙස වගාඩම්බරයේ යෙදුනු ඔහුගෙන් තමා මෙතෙක් පළ කොට තිබෙන පරියේෂණ පත්‍රිකා ප්‍රමාණය ගැන ඇසූ විට ඔහු නිරුත්තර විය​. ඔහු කිසිදු පරියේෂණ පත්‍රිකාවක් පළ කොට නැත​. මනෝ විශ්ලේෂණය පිලිබඳ ඔහුගේ දැණුම අවමය​. යන්තම් මනෝ රෝගයක් හඳුනාගෙන ප්‍රති විශාද හෝ ප්‍රති මනෝව්‍යාධික ඖෂධයක් රෝගියාට නියම කිරීමට පමණක් මොවුන් ගේ විශේෂඥ භාවය සීමාසහිත වී තිබේ. 

මනෝ ප්‍රතිකාරය (Psychotherapy) යනු අද දිනයේ විශේෂිත වූ විෂයකි. මනෝ ප්‍රතිකාරය විෂය PhD  මට්ටම දක්වා හැදෑරිය හැක​. එහෙත් අපගේ අළුත් පරම්පරාවේ වෛද්‍යවරුන් ගේ මනෝ ප්‍රතිකාර පිළිබඳ දැණුම ඉතා අවම බව පෙනී ගොස් තිබේ. තවද නූතන  මනෝ ප්‍රතිකාර  ක්‍රමයන් ගැන මොවුන් බොහෝ  දෙනෙකු දැණුවත් නැත​. එම නිසා ඖෂධ මත පමණක් යැපෙමින් මනෝ ප්‍රතිකාර කිරීම අද දිනයේ සුලබව දැකිය හැකි සාධකයකි.  කිසිදු රෝගයක් හෝ සමාජ ගැටළුවක්  වෛද්‍ය විද්‍යාත්මක / මනෝ විද්‍යාත්මක / සමාජ විද්‍යාත්මක කෝණයකින් ගැඹුරුව හදාරන්නේ නැති මෙම නූතන කන්ස්ල්ටන්ට්ලාගේ සමාජ මැදිහත්වීම නුග සෙවනටත් නවලිය වැනි පුවත්පත් වලටත් සීමාවී තිබේ.  මේ හේතුවෙන් මිනිසුන් වෛද්‍ය ප්‍රතිකාර කෙරෙහි ඇති විශ්වාසය බිඳී විශ්ව ශක්තී, එලොවින් ආ ජීවකයන්, දේවාල කපුවන් වෙත යති. 

අන්තර්ජාතිකව පිළිගත් පොතක් හෝ පරියේෂණ පත්‍රිකාවක් පළ කොට නොමැති කිසිදු පරියේෂණයක් විශ්ව විද්‍යාල මට්ටමකින් සිදු කොට නොමැති කිසිදු සමාජ මැදිහත්වීමකට උර නොදුන් එහෙත් තමා සියළු දේ දත් කන්සල්ටන්ට් කියා සිතාගෙන සිටින මෙවැනි හීන දැණුම සහිත  නව විශේෂඥ මනෝ වෛද්‍ය පරම්පරාව ඩෙරීඩයා, ලැකන්ලා ගැන උඩින් පල්ලෙන් කියවාගෙන ජිම්නාස්ටික් පෙන්වන ගැටයන් හමුවේ  නිරුත්තරය​. මනෝ විශ්ලේෂණය ගැන මේ කජු කිරි කොල්ලන්ට තිබෙන දැණුම මේ නව විශේෂඥ මනෝ වෛද්‍ය මල්ලිලාට නැත​. මේ නිසා අන්තර්ජාතික තළයට ලාංකික මනෝ වෛද්‍ය විද්‍යාව ගෙන ගිය මහසෙන් ද සිල්වා, දයා සෝමසුන්දරම් , නීල් ප්‍රනාන්දු , දියනාත් සමරසිංහ වැනි සුවිසල් පුරුෂයන් මේ නව පරම්පරාව තුලින් බිහි වනු ඇතැයි කියා සිතීම හිතළුවකි. 

සංවර්ධිත රටවල විශේෂඥවරු බිහි වන්නේ ලංකාව වැනි තුන්වන ලෝකයේ රටවල මෙන් විභාගයක් කිරීමෙන් පමණක් නොවේ.  ඔවුන් දැණුම සහ අත්දැකීම් මත පරිණත බව ලබා විශේෂඥවරු වෙති. උදාහරණයක් ලෙස වෛද්‍ය බැසිල් වැන්ඩ කොල්ක් යනු මනෝ වෛද්‍යවරයෙකි. එහෙත් ඔහු විසින් පරියේෂණ රැසක් කොට අන්තර්ජාතිකව කීර්තියට පත් වූ වියතෙකි. මම ඔබ කන්සල්ටන්ට් කෙනෙක් ද කියා බැසිල් වැන්ඩ කොල්ක් ගෙන් ඇසුවෙමි. ඔහු දුන් පිළිතුර වූයේ යමෙකු විශේෂඥයෙකු වන්නේ පෆෝමන්ස් හෙවත් අනුයුංජනය යන සාධකය මත බවයි. 

උතුරු ඇමරිකාවේදී විභාග විශාල ප්‍රමානයක් සමත්ව එහෙත් ප්‍රායෝගික දැණුම අවම ඉන්දියානු මනෝ වෛද්‍යවරු මට හමු වී තිබේ. මොවුන්ට වෛද්‍ය එන්සයික්ලෝපීඩියා වේද ග්‍රන්ථ මෙන් කට පාඩම් ය​. එහෙත්  ආවේදනික මනෝ රෝගයක් හඳුනාගෙන සාර්ථක මනෝ ප්‍රතිකාරයක් රෝගියා වෙත ලබා දීමට මොවුන් අපොහොසත්‍ ය​. මේ නිසා සුද්දන්ට බනිමින් තමා සමත් වූ විභාග ගැන කියවමින් සිටි නවක ඉන්දියානු මනෝ වෛද්‍යවරයෙකුට මැකෙන්සි රෝහලේදී මා දුන් උපදේශයක් නම් මානසික රෝගියෙකු හමු වූ විට එම රෝගියා ජීවමාන ටෙක්ස්ට් පොතක් බව සිතා රෝගියාව හදාරන්න යන්නයි. 

රෝගීන් සමග සංවාදය අවම කොට උඩින් පල්ලෙන් රෝගියා බලා රෝග විනිශ්චය දීම ලංකාව ඉන්දියාව වැනි කලාප වල වෛද්‍යවරු නිතරම කරති. මට හමුවූ කැනේඩියානු මනෝ වෛද්‍යවරියක වූ ඊවා කබෙල්ලෝ වරක් මට පැවසුවේ එක් රෝගියෙකුට භින්නෝන්මාදය රෝග නිර්ණය දීම සඳහා මාස හයක් පමණ තමා එම රෝගියාව නිබඳව හමුවී රෝගියායේ රෝග ලක්‍ෂණ හැදෑරූ බවයි. මනෝ වෛද්‍ය නීල් ප්‍රනාන්දු මහතා ද  වරක් ද ඉතා ඉවසිල්ලෙන් මාස හතරක් පමණ රෝගියෙකු නිරීක්‍ෂණය කොට රෝගියා තුලින් භින්නෝන්මාදය රෝග නිර්ණය කල අයුරු මට එම අවස්ථාවේදී සිහිපත් විය​. 

කන්සල්ටන්ට් උමතුව විසින් බොහෝ තරුණ වෛද්‍යවරුන්ව නොමග යවා තිබේ. කන්සල්ටන්ට් ලේබලය ලැබීමෙන් පසු තමා සියල්ල දත් අයෙකු ලෙස සිතා කිසිවක් හදාරන්නේ නැතිව කිසිදු පරියේෂණයක් නොකොට මවා ගත් ගාම්භීර භාවයකින් තමන් ගේ හීන ලෝක වල ජීවත් වන මේ වෛද්‍යවරු පොළවට පතිත වන්නේ ෆ්‍රොයිඩ් ගැන , ඩෙරිඩා ගැන ලැකාන්ලා ගැන කජු කිරි කොල්ලෙක් ප්‍රශ්න කල විටදීය​. එතෙක් ඔවුන් තමා සර්වඥ කියා සිතාගෙන සිටිති. 

වෛද්‍ය රුවන් එම් ජයතුංග

43 comments:

  1. Sorry to hear that..All postgraduates should have an interest in research. However, to be a consultant it is sufficient to pass the required examinations and competencies even in UK

    ReplyDelete
  2. අදාල ක්ෂේත්‍රයන්හී උදවියට හිතට ගත යුතු ලිපියක් යැයි සිතමි. රුවන්.. ඒ ඩොක්ටර්ස්ලාගේ ලිස්ට් එකට නාලන් මෙන්ඩීස් අයිති නොවන්නේ යම් හේතු කාරනාවක් නිසාද...ඔහුත් මා දන්නා තරමින් ජනප්‍රිය තලයේ වෛද්‍යයවරයෙක්.
    ////කිසිදු රෝගයක් හෝ සමාජ ගැටළුවක් වෛද්‍ය විද්‍යාත්මක / මනෝ විද්‍යාත්මක / සමාජ විද්‍යාත්මක කෝණයකින් ගැඹුරුව හදාරන්නේ නැති මෙම නූතන කන්ස්ල්ටන්ට්ලාගේ සමාජ මැදිහත්වීම නුග සෙවනටත් නවලිය වැනි පුවත්පත් වලටත් සීමාවී තිබේ. /////////

    මේක ඉතා හොඳ කියමනක්.

    ReplyDelete
    Replies
    1. අගනා ලිපියක්. මේක වෛද්‍ය ක්‍ෂේත්‍රයේ පමණක් නොව සමස්ත රාජ්‍ය සේවය තුලම දකින්නට ලැබෙන ව්‍යාධියක්.

      Delete
    2. වෛද්‍ය ජයන් මෙන්ඩිස් ගැනද අරූයියා ඔය අහන්නේ.

      Delete
    3. නැහැ මනෝජ්.. ඩොක්ටර් නලීන් මෙන්ඩිස් කියලා හිටියා මනෝ වෛද්‍යවරයෙක් ඒ දවස්වල. ඔහු එකල හරි ප්‍රසිද්ධයි. තව කෙනෙක් හිටියා හත්තොටුව කියලා. එයා නම් ප්‍රයිවෙට් ප්‍රැක්ටිස් කරේ නැහැ මගේ හිතේ.

      Delete
    4. වෛද්‍ය නාලක මෙන්ඩිස් සීනියර් මනෝ වෛද්‍යවරයෙක් ඔහු දක්‍ෂ පුද්ගලයෙක්

      Delete
  3. හොඳ ලිපියක් රුවන්. ඔයගෙන්ම ආපු එකත් හොඳයි.

    ReplyDelete
    Replies
    1. මේකට ගොඩක් ගල් එයි

      Delete
  4. //කන්සල්ටන්ට් ලේබලය ලැබීමෙන් පසු තමා සියල්ල දත් අයෙකු ලෙස සිතා කිසිවක් හදාරන්නේ නැතිව කිසිදු පරියේෂණයක් නොකොට මවා ගත් ගාම්භීර භාවයකින් තමන් ගේ හීන ලෝක වල ජීවත් වන මේ වෛද්‍යවරු පොළවට පතිත වන්නේ ෆ්‍රොයිඩ් ගැන , ඩෙරිඩා ගැන ලැකාන්ලා ගැන කජු කිරි කොල්ලෙක් ප්‍රශ්න කල විටදීය​. එතෙක් ඔවුන් තමා සර්වඥ කියා සිතාගෙන සිටිති//

    නියමයි

    ReplyDelete
    Replies
    1. ඕක තමයි කටුක සත්‍ය

      Delete
  5. ඉතාම හොඳ ලිපියක්,
    ඔබ තුමා වෛද්‍ය වරයෙක් නිසා මේ ප්‍රෂ්නය වෛද්‍ය ඇසකින් බැලුවත් මම නම් දකින්නේ මෙතැන තියෙන්නේ වෙනත් ප්‍රෂ්නයක්.
    මේක අපේ දකුණු ආසියාතික බොහෝ උගතුන් තුල ඇති ප්‍රශ්නයක් ඔවුන් බොහෝ දෙනා විභාග සමත් වීමෙන් ඉහල සුදුසුකම් ලැබුවත් ඒ උගත් දැනීම ප්‍රායෝගිකව යොදා ගැනීමේ දැණුමින් ( Application Knowledge ) තොරයි. මේක අපේ කලාපයේ මිනිසුන්ගේ ස්වභාවයක්ද නැති නම් අධ්‍යාපන ක්‍රමයේ වරදක්ද කියලා හිතා ගන්න අමාරුයි.
    ඒ වගේම ඔබ මෙන් තම දැනුම ප්‍රායෝගිකව යොදන උගතුන් විවිධ ක්ශේත්‍ර වල සිටිනවා අඩු ප්‍රතිශතයකින්.
    උදා හරණයක් විදියට මහා ඉන්ජිනේරුවන් ලෙස පෙනී සිටින උන්ගෙන් කී දෙනෙක් පර්යේශන නිබන්ධනයක් කර තිබෙනවාද?
    වෛද්‍ය ක්ශේත්‍රයට වඩා එහිත් වෙනසක් නැහැ.

    ReplyDelete
    Replies
    1. අපේ උන්ගෙ දැනුම භාවිතය ගැන මට ඊයෙ නියම අත්දැකීමක් ලැබුනා. අපේ ගෙදර ඉන්නව පී.එච්.ඩී. එකක් කරන ඉන්ජිනියරින් ෆැකල්ටියක තර්මො සබ්ජක්ට් එක උගන්නන එකියක් (නංගි) මේ යෝදි වටලප්පමක් ස්ටීම් කරනව මම යනකොට රෑ 7ට විතර​. මම දැක්කෙ රයිස් කුකර් එක උඩ ස්ටීම් කරන අටමගල තියල ඒක උඩ බාජනයක් තියල වහල​. බාජනේ උසයි ඉතින් රයිස් කුකර් එකේ පියන තියෙන්නෙ උඩ බාජනේ වහල ස්ටීම් වතෙන් නිකන් හුලඟෙ යන්න​.
      මම ඇහුව මෙහෙම ස්ටීම් කරන්න පුලුවන්ද කියල​. පැය 2ක් තිස්සෙ 3න් පාරක් රයිස් කුකර් එකට වතුර පිරෙව්වලු, ඒත් තාම වටලප්පම තැම්බිලා මදිලු.
      මම ස්ටීම් එක යන පාත් එක පෙන්නුව​. මූන පුලුටු කරගෙන උස බාජනේකින් වහල හරිගස්සල දුන්නම සද්ද නැතුව මාරු වුනා.

      Delete
    2. හරි ජොලි වැඩක්නේ.....ඇනෝ හොඳ වෙලාවට උඹ නංගී ගාව කැරකි කැරකි හිටියේ :D නැත්නම් වටලප්පන් නෙමේ ඇටලප්පන් තමයි කන්න වෙන්නේ.

      Delete
    3. 1 අධ්‍යාපන ක්‍රමයේ වරදක්
      2 වටලප්පම තව ටිකෙන් බිම

      Delete
  6. විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් පෞද්ගලිකව බෙහෙත් ගන්න ගියාම අපට සලකන්නේ, ඉතා මිත්‍රශීලීවය. නමුත් රෝහලේදී අපට සලකන්නේ, ඔවුන් ගේ හතුරන්ට වගේය. ලංකාව තුළ වසරකට පුවත්පත් ලිපි පවා පළකරන්නේ වෛද්‍ය වරුන් සුළු පිරිසකි.

    ඒ විතරක් නෙවෙයි, වෙනත් විවිධ විෂය ක්ෂේත්‍ර වලදීත් මේ තත්වය බොහෝදුරට එක සමානයි. විදේශ හමුදා ඇකඩමි වලින් විශේෂඥ පුහුණුව ලබා එන ත්‍රිවිධ හමුදා නිලධාරීන්, යුධ න්‍යාය පිලිබඳව, ජාත්‍යන්තරයට හෝ ලංකාවට ගැලපෙන පර්යේෂණ පත්‍රිකා එළිදක්වනු, මා දැක නැත.

    ReplyDelete
    Replies
    1. දේශ හමුදා ඇකඩමි වලින් විශේෂඥ පුහුණුව ලබා එන ත්‍රිවිධ හමුදා නිලධාරීන්, යුධ න්‍යාය පිලිබඳව, ජාත්‍යන්තරයට හෝ ලංකාවට ගැලපෙන පර්යේෂණ පත්‍රිකා එළිදක්වනු, මා දැක නැත.////// True

      Delete
  7. psychiatrist හා psychologist අතර තිබෙන කඹ ඇදීමක් නිසා ගැටලුවක් තිබෙන බව මට දැන ගන්නට ලැබුනා.

    කරාපිටියේ නම් මා දන්නා තරමට තිබෙන්නේ දොස්තරලා වැඩි උනාට පහසුකම් වැඩි නොකිරීමේ ගැටලුවක්.

    එහිදී සැත්කම් දොස්තර නාමල් ප්‍රනාන්දු මහතා ඉවත් උනේ හෘද සැත්කම් වලට එයටම වෙන් වූ ශල්‍යාගාරයක් අවශ්‍ය බව කියමින් ( විශබීජ පැතිරීමේ අවධානම නිසා ).

    එසේම දොස්තර නාමල් ප්‍රනාන්දු කියන්නේ තනිව සැත්කම් කරමින් කරාපිටියේ හෘද සැත්කම් සඳහා පොරොත්තු ලේඛනයක් නැති කල වෛද්‍යවරයා. නමුත් කරාපිටියට තව හෘද හා උරස් ශල්‍ය වෛද්‍යවරු දෙදෙනෙක් ආ විට යලිත් පොරොත්තු ලේඛනයක් ඇති උනා. මා දන්නා තරමට ඔහු PPක් ලෙස කරන්නේ කුඹුරක් කෙටීම.

    ReplyDelete
    Replies
    1. නාමල් ප්‍රනාන්දු ද නාමල් ගමගේද? මම දන්න විදිහට ඔහුට එක සැත්කමකට සැලකිය යුතු ගණනක් ගෙවන ක්‍රමයක් සෞඛ්‍ය අමාත්‍යාංශය හරහා සදාගෙන තිබුණා. මෙය තිබෙන පහසුකම් යටතේ වැඩි සැත්කම් ප්‍රමානයක් කරවීමට ඉතා හොඳ ක්‍රමයක් වුණත් එය ඔහුට පමණක් විශේශවූ ක්‍රමයක් වුණ නිසා ප්‍රශ්න ඇතිවුණ බවයි මගේ වැටහීම.

      Delete
    2. ගමගේ. නම අමතක උනා.

      වැඩි මුදලක් ගෙවලා හරි පොරොත්තු ලේඛනය තනිවම නැති කලා කියන්නේ ලේසි වැඩක් නෙමේ. සමහවෙලාවට පාන්දර 3 ඉදන් වැඩ කල නිසා ගෙවන්න ඇති .ඒ වගේම මේ (අතිකාල ) ගෙවීම අනිත් කාර්ය මන්ඩලයටත් ගෙවූ බවයි කියවෙන්නේ. .

      උදාහරනය දැන් 3 ( හෝ දෙන්නෙක් ) ඉදලත් දිග පොරොත්තු ලේඛනයක් ඇති වී තිබෙන බව කියවෙනවා. http://www.sundayobserver.lk/2003/11/09/new16.html

      Delete
    3. ඔහු PPක් ලෙස කරන්නේ කුඹුරක් කෙටීම.//// ela

      Delete
  8. ඒත් ඔබනම් මෙතන දාන කමෙන්ට් එක බලල කමෙන්ට් දාපු එකාට තියෙන මානසික රෝගේ කිව්වා නේද?

    ReplyDelete
    Replies
    1. අසහනකාරයන්ව ස්පොට් ඩයග්නෝස් කරන්න ලේසියි

      Delete
  9. සහතිකකොල මිටියක් කරපින්නාගත් වැඩ බැරි දාසලාගෙන් කොයි ක්ෂේත්‍රයත් පිරී තිබේ.

    ReplyDelete
  10. සමහර කන්සල්ටන්ල තමන් නියම කරන බෙහෙත් වල අතුරැ ආබාධ මොනවද කියල දන්නෙවත් නෑ

    ReplyDelete
  11. රුවන් මේ මගේ යෙහෙළියකට වෙච්ච ඇත්ත සිදුවීමක්. ඇගේ ස්වාමි පුරුෂයාට depression එකට බෙහෙත් කරපු මනෝ වෛද්‍යවරයා වල අනිසි බලපෑමෙන් ඔහු සියදිවි නසා ගත්තා. ඒ බෙහෙත් ඔහුට දුන්න කියල ඇයවත් දන්නේ නැහැ. මගෙන් අහල එව්වහම මම චෙක් කරා. එහිදී දැන ගත්තේ සමහර බෙහෙත් තහනම් කර ඇති බව.
    Venlafaxine වලත් සිය දිවී නසා ගැනීම සඳහා බලපෑම් ඇති බව. වෛද්‍ය වරයා අවම වශයෙන් ඔහුගේ පවුලට ඒ ගැන කියා තිබ්බ නම් බේරා ගන්න තිබ්බ. ඔහු සොයාගත් (මිය ගිය අය) විද්‍යාත්මක ක්‍රමයක් අදත් ලංකාවේ භාවිතා වෙනවා. රටට අහිමි වුන වටිනා පුද්ගලයෙක්. දරු දෙදෙනාට පියෙක්.
    http://www.ncbi.nlm.nih.gov/pmc/articles/PMC1790752/
    Results Venlafaxine users had a higher burden of risk factors for suicide, including previous suicide attempts and proxies for severe depression or depression that was difficult to treat. In the analysis for completed suicides, unadjusted and adjusted hazard ratios for venlafaxine compared with citalopram were 2.44 (95% confidence interval 1.12 to 5.31) and 1.70 (0.76 to 3.80), for venlafaxine compared with fluoxetine were 2.85 (1.37 to 5.94) and 1.63 (0.74 to 3.59), and for venlafaxine compared with dothiepin were 2.54 (1.07 to 6.02) and 1.31 (0.53 to 3.25). Compared with other study drugs, venlafaxine was also associated with an increased risk of attempted suicide, but adjustment for measured confounders substantially reduced the hazard ratios.

    ReplyDelete
    Replies
    1. එම වෛද්‍යවරයා 'සොරි' කිව්වලු.

      Delete
    2. අජිත්මෙ තන වෙලා තියෙන්නේ ද්වී ධ්‍රැව විශාදය (BPAD) තිබෙන පුද්ගලයෙකුට Venlafaxine දීලා. මේ බෙහෙත දෙන විට රෝගියා මොනිට කල යුතුයි. රෝගියා විශාද මෙන්ම මේනියා තත්වයට පත්වනවා . එවැනි අවස්තාවක සුවිසයිඩ් අවදානම තිබෙනවා. නමුත් දොස්තර ජොබ් එක කරලා නෑ

      Delete
  12. මෙය බොහෝ වෘත්තීන්ට අදාලයි. එක හා සමාන ප්‍රායෝගික හැකියා ඇති අය ඇකඩමික් පැත්තට බරවූ පාඨමාලා වලින් බිහිවීම වෙන්නේ නැහැ. එයට විසඳුම නම් ඔබ කියා ඇති පරිදි සේවය කරන විට පර්යේශණ ආදියෙන් ප්‍රායෝගික පුහුණුව අත්පත් කර ගැනීම.

    මට දෙන්න පුළුවන් උදාහරණයක්. ව්‍යාපාර පරිපාලන ක්ශේත්‍රයේ බොහෝ අය උපාධියක් හෝ වෘත්තීය සුදුසුකමක් ලබා ගත් විට ඒසමඟම විද්‍යාවේදී පශ්චාත් උපාධිය (MBA) කිරීමට පෙලඹෙනවා. මෙයින් ඔවුන්ගේ අනාගතයට කරගන්නේ විශාල හානියක්. අඩුම වශයෙන් තමන්ට රිපෝට් කරන අය 3 ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් ඉන්න කෙනෙක් තමයි එම උපාධිය කළයුත්තේ. එයට හේතුව ඉගෙන ගන්නා දේවල් අත්හදා බැලීම විය යුතු නිසා. එසේ නොමැතිව විභාග සමත්වී කොහේ හෝ බොරු පර්යේශණයක් කර තීසීස් එක ලියා සමත් වන්නවුනට ඔවුන් ප්‍රාථමික උපාධියෙන් ලබා ගත් දැනුමට වඩා වැඩි දැනුමක් නැහැ.

    ReplyDelete
    Replies
    1. /විභාග සමත්වී කොහේ හෝ බොරු පර්යේශණයක් කර තීසීස් එක ලියා සමත් වන්නවුනට ඔවුන් ප්‍රාථමික උපාධියෙන් ලබා ගත් දැනුමට වඩා වැඩි දැනුමක් නැහැ./
      ලංකාවේ මාස්ටර් වලින් 95% කට වඩා ඔය වර්ගයේ බව කැටකඩල කියතෑකි.

      Delete
    2. //එයට හේතුව ඉගෙන ගන්නා දේවල් අත්හදා බැලීම විය යුතු නිසා.''//

      මෙන්න මේක තමා කේස් එක. විශ්ව විද්‍යාලයෙන් මූලික දැනුම සැපයෙනවා. ඒක වැඩිදියුණු කරගන්න එක තම තමන්ගේ වැඩක්.
      එක්කෝ ඒක අත්හදා බලන්න/ ප්‍රැක්ටිස් කරන්න තිබෙන බය හෝ කම්මැලිකම හෝ අනවශ්‍යකම (පොල් ටික හරියට කැඩෙනවනම්) ඕව කරන්න යන්නේ නැහැ. වැඩ බැරි උනත් "කැටයම්" තියෙනවනම් ලොක්කෝ වගේ ඉන්න පුළුවන්.

      Delete
    3. විභාග සමත්වී කොහේ හෝ බොරු පර්යේශණයක් කර තීසීස් එක ලියා සමත් වන්නවුනට ඔවුන් ප්‍රාථමික උපාධියෙන් ලබා ගත් දැනුමට වඩා වැඩි දැනුමක් නැහැ./////මේ නිසා තමයි ලංකාවේ විශ්ව විද්‍යාල ලෝක ශ්‍රේනිගත කිරීමේදී පහළම ඉන්නේ

      Delete
  13. Mata mohanaya sadaha colombo wala hoda thanak, doctor kenek keyanna puluwanda?

    ReplyDelete
    Replies
    1. ඒකට ඇනෝ ඇවිත් බෑ ප්‍රොෆයිල් එකෙන් මාව අමතන්න

      Delete
  14. ලංකාවේ ප්ර්ෆෙස්ර්ලා කියන අයගෙත් තත්ත්වෙ එමම තමා...ඔහේ දන්න දේම කරමින් යනවා මිසක් අඩුම ගානේ ලෝකයේ වෙන අලුත් වෙනස් ප්‍රතිකාර ගැනවත් දැනුවත් නෑ...

    මම දන්න එක ප්‍රොෆෙසර් කෙනෙක් ඉන්නවා.. එයා පොතක් පෙරල පෙරල තමා ඩිප්‍රෙෂන් වලට බේත් කරන්නේ.. රෝගියාගෙන් අහනවා අපි මේ බේත දෙමු නේද කියලා... බැරිම උනොත් දන්න ලොකුම ප්‍රතිකාරය තමා ECT

    ReplyDelete
    Replies
    1. දැණුම update කරගෙන නෑ

      Delete
  15. මේ ලිපියේ කරුණු වැදගත් වුනත් පොඩි සීමාවක් තියෙනවා.

    විශේෂඥ හෝ සාමාන්‍ය ජීපී හෝ සියළු වෙදුන් තමන් ගේ දැනුම යාවත්කාලීන කර ගත යුතු වුණත්, පර්යේෂණ කිරීම සහ පත්‍රිකා ලියා පළ කිරීම එහි කොටසක් නොවන බවයි මගේ අදහස.

    පර්යේෂණ කිරීම සහ පත්‍රිකා ලියා පළ කිරීමට යොමුවන්නේ ශික්‍ෂණ රෝහල්වල සේවය කරන වෛද්‍යවරුන් සහ කන්සල්ටන්ට්ලායි සාමාන්‍යයෙන්.

    මනෝ චිකිත්සක වෛද්‍ය වෘත්තිය වෙනස්දැයි නොදනිමි!

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook