Wednesday, May 25, 2016

බල්ගේරියාව





විශාලත්වය අතින්  බල්ගේරියාව යුරෝපා මහද්වීපයේ 16 වන ස්ථානය දරයි. බල්ගේරියාවේ එක පාර්ශවයකින් කළු මුහුදය​. අනෙක් පාර්ශවයෙන් රුමේනියාව , සර්බියාව ග්‍රීසිය සහ තුර්කිය යන රටවලින් වටවී තිබේ.

මා බල්ගේරියාවට ගියේ අසූව දශකයේ අග භාගයේදීය. ඒ කාලයේ පෙරෙස්ත්‍රොයිකා ක්‍රියාදාමය නිසා වෙලඳ ආර්ථික ක්‍රමය බල්ගේරියාව වැනි වර්සෝ පාර්ශවයේ රටවලද වියාප්තව තිබුනේය​. මේ හැර සෝවියට් න්‍යෂ්ටික වැඩසටහන් නවතා දමා තිබූ නිසාද න්‍යෂ්ටික බලාගාර වල ආරක්‍ෂාව නොතකා හැරීම නිසාද න්‍යෂ්ටික ද්‍රව්‍ය හොර පාරේ සිට බල්ගේරියාව හරහා මැද පෙරදිගට ගියේය​. සදාම් හුසේන් විසින් බොහෝ මිල ගෙවා මේ න්‍යෂ්ටික ද්‍රව්‍ය මිලට ගත් බව පසුව හෙලි විය​. 

මා බල්ගේරියාවට යන විට එක් ගුරුසියානු ජාතිකයෙක් ක්‍රාස්නය රුතූත් හෙවත් රතු රසදිය අඩංගු භාජනයක් තම බඩු බාහිරාදිය සමග ගෙන ගියේය​. මේ රතු රසදිය න්‍යෂ්ටික බලාගාර වල යොදා ගන්නා රසායණිකයකි. එහෙත් බල්ගේරියානු බලධාරීන් මේ ද්‍රව්‍ය වලට වඩා විමසිලිමත් වූයේ ඩෙනිම් කලිසම් , ජර්මනියේ නිෂ්පාදිත සපත්තු , තුර්කි ලෙදර් ජැකට්, ජපන් ඔරලෝසු පිළිබඳවය​. 

මේ කාලයේ ලංකාවේ ජාවරම්කරුවන් මිනිසුන් හොරෙන් රට පැටවීම හෙවත්  හියුමන් ට්‍රැෆිකින් අරඹා තිබුන අතර සෝවියට් දේශයේ ඉගෙනුබ ලැබූ සමහර් සිසුන් ද මේ නීති විරෝධී ජාවාරමේ කොටස්කරුවෝ වූහ​. බොහෝ ද්‍රවිඩ තරුණයෝ මේ ආකාරයෙන් යුරෝපයට ආ අතර මොවුන් ගෙම්බන් ලෙස හඳුන්වන ලදි. හියුමන් ට්‍රැෆිකින් කල පුද්ගලයන් ගෙම්බෝ පන්නන්නන්  ලෙස නම් වූයේය​. මෙලෙස ගෙම්බෝ පන්නා විශාල ධනයක් උපයන ලද පුද්ගලයන් වර්තමානයේ තම හියුමන් ට්‍රැෆිකින් ක්‍රිමිනල් අතීතය වළදා ඒ ධනය නීත්‍යනුකූල වියාපාර වල ආයෝජනය කොට වැදගතුන් සේ වර්තමාන ලාංකික සමාජය ඉදිරියේ  පෙනී සිටිති. 

ගෙම්බෝ පන්නන වියාපාරයේ බොහෝ අපරාධ තිබුනේය​.කොටි සංවිධානය යුරෝපය පුරා වියාප්ත වී ඊලාම් යුද්දයට මුදල් පොම්ප කිරීම ඇරඹුනේ මේ ගෙඹි වියාපාර මගිනි.  එසේම ඉතාලි යවන බව කියා මුදල් ගෙන  සමහර විට මිනිසුන් බල්ගේරියාවේ රුමේනියාවේ  අතරමං කරන ලද අවස්ථා විය​. සමහර තරුණයන් ශීතට අසුවී මිය ගියහ​. සමහරු තවමත් සිර ගෙවල් වලය​. තවද  කියෙව් නගරයේ එක් සිසු ගෙම්බෝ පන්නනෙක් සහ ඔහුගේ මිතුරෙක් ඉතාලි යාමට ආ දෙයුවලකගෙන් මුලින්  කොල්ලන් දෙදෙනා බල්ගේරියාවට යවා කෙල්ලන් දෙදෙනා කියෙව් නගරයේ මහල් නිවාසක රඳවාගෙන පුරා මාස ගනනක් ඔවුන්ව දූෂණය​ කලෝය​. මින් එක් දූෂකයෙක් ලංකාවේ වෛද්‍ය වෘත්තියේද නිරත වේ.  

ගෙම්බන් නිසා ලාංකිකයන් දෙස බල්ගේරියාවේ කස්ටම් නිලධාරීන් බැලුවේ සැකයෙනි. මා සතුව  වෛද්‍ය පීඨය විසින් නිකුත් කරන ලද සිසු හැඳුනුම් පත්‍රය තිබූ නිසා මට ගැටළුවක් නොවීය​. දේශසීමාව තරණය කිරීමෙන් පසුව මම බල්ගේරියාවට ඇතුළු වූයෙමි. 

බල්ගේරියාවේ සොෆියා නගරය පැරණි යුරෝපීය තේජස දක්නට ඇති නගරයකි. එහි වූ විශාල ගොඩනැගිලි අතිශයින්ම මනහරය​. ගෘහ නිර්මාණ ශිල්පය ඉගෙන ගන්නා සෑම දෙනෙකුටම මම දෙන ඔවදනක් නම් බල්ගේරියාවේ සොෆියා නගරයට ගොස් එහි ගොඩනැගිලි ස්වරූපය අධ්‍යනය කරන ලෙසටය​. 

බල්ගේරියාවේ මාවත් පුරා පොඩි පොඩි කඩ හතු පිපෙන්නා සේ බිහි වී තිබේ. මේ කඩ වල විවිධ දේ මිලදී ගැනීමට පුලුවන . එසේම භාණ්ඩ හුවමාරුවද සිදුවේ. ආහාර ගැනීමට අවන්හලක් වෙත මම ගියෙමි. ගම්මිරිස් සහ අනෙකුත් කුළුබඩු යොදා තම්බා පසුව බදින ලද විශාල කුකුලෙක් මේසයට ගෙන එන ලදි. කුකුලා වටා තක්කාලි පෙති සහ අර්තාපල් පෙති තිබුනේය. එසේම කළු ඇඹුල් පාන් පෙති ගසා මේසය මත තිබුනි. මේ ආහාරයට ඔවුන් ගත්තේ ඉතා සාධාරණ මුදලකි. 

සොෆියා නගරයේ ඇවිදින විට මට ඉතාලි ජාතික යුවලක් මුණ ගැසුනි. ඔවුන් මා සමග සුහදව කථා කලෝය​. ඒ කාලයේ බටහිර ලෝකයේ ජනයා බල්ගේරියාවට ආවේ සුළු වශයෙනි. මම රුසියානු , යූක්‍රයීන සහ ඉංග්‍රීසි භාෂා දැන සිටි නිසා මොවුන් දෙදෙනාට මාව සම්පතක් විය​. මම බල්ගේරියානු ඉන්ටුවරිස්ට් කාර්‍යාලයට ඔවුන් සමග ගොස් ඔවුන් ගේ විසා සහ ප්‍රවේශ පත්‍ර ගැන තිබූ ගැටළුවක් නිරාකරණය කිරීම සඳහා භාෂා පරිවර්තකයා ලෙස සහය වූයෙමි. ඔවුන් ඉංග්‍රීසියෙන් කියූ දෙය මම රුසියන් බසින් බල්ගේරියානු නිලධාරීන්ට පැහැදිලි කලෙමි. මෙම ගැටළුව විසඳා දීමෙන් පසු අප තිදෙනා දුම්රිය පළට ගියෙමු. 

මා මෙතෙක් වෙලා සිතාගෙන සිටියේ මොවුන් ඉතලියානු යුවළක් බවය​. එහෙත් පසුව මට  තේරුම් ගියේ දෙදෙනාම පිරිමින් බවය​. එක් අයෙකුගේ සුරතේ දැවටී සිටියේ කාන්තාවක් බඳු පිරිමියෙකි. සමකාමී (Gay) කපල් එකක් සමග ගනුදෙනු කල මුල්ම අවස්ථාව එය විය​. නමුත් මම පසුකාලයක එල් ජී බී ටී (LGBT)  පුද්ගලයන් දෙස විනිශ්චයකින් තොරව  බැලීමට පුරුදු වූයෙමි. වර්තමානයේ මා සමග පර්‍යේෂණ ව්‍යාපෘති වල එල් ජී බී ටී පුද්ගලයන් කිහිපදෙනෙකු සිටින අතර මා ඔවුන්ට වෙනසකින් තොරව සලකමි. 

ලිංගික පාපය ප්‍රතික්ශේප කල බුදුදහම වැනි දහමක් කරේ තබාගෙන අදහන මේ බුදුන් ගේ දේශයයි කියන ලංකාවේ සමකාමී පුද්ගලයන් සමාජයෙන් පොන්නයන් ලෙස කොන් කිරීම සමහර විට මට විමතිය ගෙන දේ. ඒ අතින් බටහිර යුරෝපය සහ උතුරු ඇමරිකාව වඩාත් ඉදිරිගාමීය​.  බුද්ධ චරිතයේ දැක්වෙන බුදුන් ගේ රුවට ඇළුම් කල වක්කලී භික්‍ෂුව සමකාමී පුද්ගලයෙකු බව මට සිතේ. බුදුන් වක්කලී භික්‍ෂුවට මා දෙස නොව මගේ දහම දෙස බලන්න කියා ඔවදන් දුන්නේය​.වක්කලී  පාපී පුද්ගලයෙකු කියා ගල් ගසා මරන්නට බුදුන් කීවේ නැත.  

සමකාමී අයිතිවාසිකම් ගැන සිතීමට ලංකාව වැනි සමාජයක්  තවමත් ආකල්පමය සහ සංස්කෘතිමය වශයෙන් දියුණු නොමැත. එසේම සමකාමී විරෝධය දක්වන්නන් බොහෝ දෙදෙනෙකු අවිඥානිකව සමලිංගිකත්වය කෙරෙහි ඇළුණු පුද්ගලයෝය​. අවිඥානිකව මතුවන සමලිංගිකත්ව රුචිය ඔවුන් යටපත් කරන්නේ සමලිංගිකත්වය කෙරෙහි අඝාත විරෝධයෙනි. මේ සඳහා ඉතිහාසයේ දැක්විය හැකි නිදසුන වන්නේ හිට්ලර් ගේ සමලිංගිකත්ව විරෝධයයි. 

සොෆියා දුම්රිය පලේදී මම ඉතලියානුවන් ගෙන් සමුගත්තෙමි.  ඔවුන් ඇතන්ස් බලා ගියෝය​. මම  මට නියමිත  දුම්රිය එනතෙක් දුම්රිය පලේ  කාන්සියෙන් සිටියෙමි. මේ කාන්සිය භීතියක් බවට පත් වූයේ රංචු පිටින් දුම්රිය පළට  කඩා වැදුනු ජිප්සීන් නිසාය​. බාල මහළු ජිප්සීන් රොත්තක් කඩා වැද මහ හඞින් ශබ්ද නගන්නටත් මුදල් ඉල්ලා මගීන්ට කරදර කරන්නටත් වූහ​. සමහර තක්කඩි ජිප්සි කොල්ලෝ මගීන් ගේ මළු උදුරාගෙන දිවූහ​. මා මගේ හවසැක් එක තදින් අල්ලාගෙන සූදානම් පිට සිටියෙමි. එහෙත් ජිප්සීන් මට කරදරයක් නොකලේ මා ඉන්දියානුවෙකු බව සිතා විය හැක​. 

ජිප්සීන් තමන්ට ඉන්දියානු සම්භවයක් තිබෙන බව උජාරුවෙන් කියති. රුසියාවේ වූවද අප දකින් ජිප්සීන් සමහර විට නාශ පකලේනිය (අපේ පරම්පරාව​) කියා කියති. මේ නිසා තම වරිගයේ එකෙකුට අතවරයක් කිරීමට ඔවුනට සිත් නොදුන්නා විය හැක​. එහෙත් සුදු ජාතික බල්ගේරියානුවන් , රුසියානුවන් ජිප්සීන් ගේ අතවර වලට ලක් වූහ​. ආරක්‍ෂක නිලධාරීන් හෝ පොලිස්කරුවන් පළාතක නොවීය​. 

මේ අතර මගේ දුම්රිය ආවෙන් මම ජිප්සීන් ගෙන් නිදහස් වූයෙමි. දුම්රියේ සිටි බල්ගේරියානු ජාතික පොලිස් නිලධාරියා මා සමග කථාවට වැටුනේය​. ජිප්සීන් සමහරක් විට බලහත්කාරයෙන් කෝච්චි වලටද ගොඩ වන බව ඔහු කීය​. එම නිසා මේ දුම්රියේ ආරක්‍ෂාවට ඔහු අවියක් සහිතව ගමන් කරයි. මේ පොලිස්කරුවා මා සමග හිතවත් වීම නිසාදෝ ඔහුගේ සෝවියට් දේශයේ නිෂ්පාදිත​ පිස්තෝලයේ උණ්ඩ ඉවත් කොට එය මා අතට දුන්නේ  පිරික්සා බැලීම සඳහාය​. බටහිර නිෂ්පාදිත කෝල්ට් ,ස්මිත් ඇන්ඩ් වෙස්න් , පීපීකේ යන පිස්තෝල- රිවෝල්වර ගැනද ඔහු දැන සිටියේය​. 

බල්ගේරියා ජාතික මෙතෝදි මට හමුවන්නේ මේ ගමනේදීය​. අප බොහෝ දේවල් ගැන කථා කලෙමු. ඔහු බටහිර සංගීත රසිකයෙකි. අපගේ වෛද්‍ය පීඨයේ බල්ගේරියානු ජාතික සිසුවියක් සිටින බවද මම ඔහුට කීවෙමි. ඇත්ත වශයෙන්ම අපගේ වෛද්‍ය පීඨයේ බල්ගේරියානු ජාතික සිසුවියක් සිටි අතර ඇය මිතුරුව සිටියේ ඉන්දියානු ජාතික සිසුවෙකු සමගය​.  බල්ගේරියානු තරුණිය උස මහතින් යුතු වූ අතර ඉන්දියානු ජාතිකයා කුඩා ශරීරයකින් යුක්ත විය​. මේ නිසා අනෙකුත් සිසුන් ඔහුව හැඳින්වූයේ ඇත්ගොව්වා කියාය​.  


 වෛද්‍ය රුවන් එම්. ජයතුංග

30 comments:

  1. //ගෙම්බෝ පන්නා විශාල ධනයක් උපයන ලද පුද්ගලයන් වර්තමානයේ තම හියුමන් ට්‍රැෆිකින් ක්‍රිමිනල් අතීතය වළදා ඒ ධනය නීත්‍යනුකූල වියාපාර වල ආයෝජනය කොට වැදගතුන් සේ වර්තමාන ලාංකික සමාජය ඉදිරියේ පෙනී සිටිති. //
    //කෙල්ලන් දෙදෙනා කියෙව් නගරයේ මහල් නිවාසක රඳවාගෙන පුරා මාස ගනනක් ඔවුන්ව දූෂණය​ කලෝය​. මින් එක් දූෂකයෙක් ලංකාවේ වෛද්‍ය වෘත්තියේද නිරත වේ. //

    ඇඟ සීතල වෙනවා අහනකොට.

    ReplyDelete
    Replies
    1. පැමිණිළි කරන්න.

      වරදක් දැන දැන නිහඬව සිටීම, ඒ වරද යම් ආකාරයකට අනුමත කිරීමක් හෝ අඩු වශයෙන් වරද කළ අයගේ ආධිපත්‍යය සහ තමන්ඝේ පරාජය පිළිගැනීමක් නොවේද?

      Delete
    2. පැමිණිළි කරන්න////// දූෂණයට ලක්වූ කාන්තාවන් දෙදෙනා එය සදාකාලිකව වසන් කරගෙන පවුල් කනවා ඇති. ඔවුන් ඉදිරියට එන්නෙ නැත​. මෙය ලිව්වේ දූෂකයාගේ හෘධ සාක්‍ෂියවත් අවදි වේද කියා බලන්න​. නමුත් එයත් මට සැකයි

      Delete
    3. ඉතාම අමිහිරි පුවතක්. ඇත්තටම ලෝකය සහ එහි වෙසෙන ඇතැම් මිනිසුන් කොතරම් අමානුශික සහ කෲර අයද? විශේෂයෙන්ම දැන උගත් අධ්‍යාපනයක් ලැබූ විනය ගරුක මිනිසෙකුට මෙතරම් පහත් දෑ කිරීමට හැකිද? හෘද සාක්ෂිය ඔහුට වද නොදෙයිද?

      මෙවන් මිනිසුන් තමයි ලංකාවේත් සරසවිවල අමානුශික නවක වදය දෙන්නේ. මිනිස් තිත කොතරම් සංකීර්ණද?

      Delete
    4. මෙවැනි පුද්ගලයින් ලංකාවේද සිටිනවා. ඇතැම් වෛද්‍යවරුන් පවා මෙවැනි පහත් ක්‍රියා කොට දඬුවම් ලබා සිටිනවා.

      ලංකාවේ සරසවි වලද අමානුෂික නවකවදය දෙන අයද සත්‍ය වශයෙන්ම මෙබඳු කුහක මන පහත් අයවලුන් බව පැවසිය හැකියි. ලංකාවේ පෙනෙන කරුණක් නම් බොහෝ දුරට මිනිස් වාසයෙන් තරමක් ඈතින් තිබෙන ඌව වෙල්ලස්ස, සබරගමුව, පේරාදෙණිය වැනි සරසවිවල අමානුශික නවකවදය බහුල බවයි. නාගරිකව පවතින කැළණිය, කොළඹ, ජ'පුර වැනි සරසවි වල වධ කිරීමේ ඉඩකඩ අඩු අතර බොහෝ සිදුවීම් වාර්තා වී සිසුන්ට දඬුවම් කරන නමුත් විශාල වනාන්තර ආශ්‍රිතව පවතින පිටිසර සරසවි සහ අම්පාර හාඩි ආයතනය වැනි ඒවායේ ඉතාම බරපතල සිදුවීම් වාර්තා වනවා. ලංකාවේ සරසවි වල රහසිගතව පවතින මෙම කුරිරු වධකයින් සහ සිදුවීම් වල තත්ත්වය ගවේශණය කල අය ඇතැම් වෙබ් අඩවි වල එය දක්වා තිබෙනවා. මේ එවැන්නක්;

      Inhumane Ragging in Sri Lanka

      පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ලයිසන් දීම නම් තවත් පුදුමාකාර වධයක් ඇත. එයනම් නවක සිසුවාව වැසිකිලියට දක්කාගෙන ගොස් යට කලිසම ගලවා සාක්කුවේ දමාගෙන එන ලෙස අණ කිරීමයි. එය එතනින් නොනවතී.එම නවක සිසුවා සිසුවියක් ලඟ හිඳුවයි.සිසුවියටනවක සිසුවාගේ(යට කලිසම නැති ) අත අතගාන මෙන අණ කරයි. පසුව ඔහුගේ ශිෂ්ණය ප්‍රාණවත් වේද නැද්ද යන්න ජ්‍යෙෂ්ඨයා එසවි බලයි(ප්‍රාණවත් වීනම් බාහිරින් එය දැකගත හැක ).ප්‍රාණවත් වී තිබුණහොත් නවක සිසුවාට සිසුවියන් ඉදිරිපිරදීම කුණුහරුපයෙන් බනී."තොට බැජී අතගාද්දිත් ආතල්ද යකෝ" යනුවෙන් බහුලව අසන සාම්ප්‍රදායික ක්‍රමයයි.එහෙත් ප්‍රාණවත් වී නොතිබුනහොත් සිසුවියටද බැනවදී."තෝ කොහොමද මිනිහත් එක්ක පවුල් කන්නේ "යයි අසයි.මෙය මනෝ විකෘතික වධයක් බව බැලූ බැල්මටම පෙනේ.

      එයට අනුබල දෙන කාර්ය මණ්ඩල සේවකයින් නැත්තේම නොවේ. ඉංජිනේරු පීඨයේනම් නොසෑහෙන්න එවැන්නන් සිටී. විශේෂයෙන්ම වෝර්ඩන්ලා යැයි පවසාගන්නා පිරිස කරන්නේ බෝතලයට දෙකට නැමී සින්නන් හට රාත්‍රී කාලයේ නේවාසිකාගාරයට ඇතුල් වීමට ඉඩ දීමයි. කානතා නේවාස්කාගාර වල ආරක්ෂාව යොදා ඇත්තේ මෑතක සිටයි. ඒ රජයෙන් එන පීඩනය නිසාය. නත්තම් පෙර මෙන් මෙකලද සිසුවියන්ගේ යෝනියට ඉටිපන්දම් ගසා යාමට ඉඩ තිබිණි.වාසනාවට මෙම රජය නවක වධයට විරුද්ධව දැඩිව සිටී. එහෙත් පස්දුන් රට ඉංග්‍රීසි සහ තොරතුරු තාක්ෂණ ගුරු පුහුණු විද්‍යාලයේ නේවාසික සිසුවියන් සිකුරාදා රාත්‍රී කාලයේ ලිංගිකවව පවා අපයෝජනයට ලක් වන බව මට එහි නේවාසික සිසුවියකගෙන් දැනගන්නට ලබුණි. එය සත්‍යක්ද අසත්‍යක්දැයි සොයා බලා සත්‍යක්නම් නිසි ක්‍රියාමාර්ග ගැනීම රජයේ වගකීමකි. එහිදීද වොර්ඩන් නම් පිරිස තමාගේ වාසියට එහි නේවාසික සිසුවියන් බිලිදීම සිදු වේ.කොන්ද පණ ඇති වොර්ඩන්ලා පිරිසක් සිටියේනම් මෙම වාතය නියත ලෙසම අඩු වනු ඇත. එහිදීද සිදුවන්නේ අඩු වීම පමණි. නැති වීමක් නොවේ. කිමද ය 100% දේශපාලනික ක්‍රියාවලියකි. ජන අරගල ව්‍යාපාරය නම් පිරිස එහි බර දරන්නේ කැරලි ඇති කිරීමට පිරිස විශ්වවිද්‍යාල තුලින් සොයාගැනීම පහසු වන බැවිනි. වාත වූවන් කතාකරන්නේ සමාජවාදීන් ලෙසයි. ජන අරගල ව්‍යාපාරයේ අදිසි හස්තයන් විශ්වවිද්‍යාල යූනියන් හරහා කරලියට පැමිණෙන්නේ වාතය මුවාවෙනි. එය වාත ක්‍රියාත්මක කරන දෙවන වසර සිසුන් පවා නොදනී. ඔවුන්ද එම ශිෂ්‍ය සංගම් නායකයින් විසින් ගොනාට අන්දා ඇත. එහෙත් අවසානයේ වාතය ක්‍රියාත්මක කරන්නන් සාමාන්‍ය උපාදියක් ලබා හෝ උපාදිය හැර යන අතර යූනියන් ලොක්කන් පෙරකී දේශපාලන පක්ශ වල සුර සැප විඳී. දැන් උදුල පේමරත්න සිටින්නේ කොහෙදැයි කවිරිත් දනී. ඔහුද ජන අරගල ව්‍යාපාරයේ ප්‍රධාන සාමාජිකයෙකි

      Delete
  2. සමලිංගික පිරිමින්ට ලිංගිකව අක්‍රීය යන තේරුම දෙන පොන්නයින් යනුවෙන් භාවිතා කිරීඟ වැනිම වැරදි අදහසක් තමයි, සමලිංගිකත්වය සහ කුමාරකාමය හෙවත් ළමුන් හා ලිංගික ක්‍රියාවල යෙදීමට ඇති කැමැත්ත සමාන කිරීම.

    ReplyDelete
    Replies
    1. සමලිංගික පිරිමින් පිඩෆයිල්ස් ලෙස නම් කිරීම වැරදියි. විශම ලිංගික පිරිමින් පවා පිඩෆයිල්ස් විය හැක

      Delete
  3. මිනිස් ජාවාරම අපේ රටද ඇතුළුව ලෝකය පුරා පවතින බලගතු, මුදල් ඉපයීමේ ව්‍යාපාරයක්. මා හිතන්නේ නැහැ මෙය 100% මර්දනය කලහැකියි කියා.

    වක්කලී භික්ෂුව සහ බුදුන් වහන්සේ ගැන ඔබ දැක්වූ අදහස ඉතා ප්‍රගතිශීලී අදහසක් ලෙස පිලිගන්නවා.

    බල්ගේරියානු නැටුම් රූපවාහිනියෙන් දැක තිබෙනවා. හරිම ලස්සනයි.

    අර පොලිස්කාරයා පතරොම් නැතුව හෝ පිස්තෝලය දීම නීති විරෝධී සහ භයානක වැඩක්. ඔබ ඉන්දියානුවකු ලෙස පෙනීසිටින ත්‍රස්තවාදියකු නම්? එමෙන්ම ඔබ පිස්තෝලය පරීක්‍ෂා කරන අවස්ථාවේදී හදිසියේම වෙඩි තියන්න අවස්ථාවක් උදාවුනා නම්, පොලිස්කාරයා මොකද කරන්නේ?

    රුසියානු පිස්තෝලවලින් බොහොමයක්, පැරණි ජර්මානු නිෂ්පාදන වල කොපි.

    https://en.wikipedia.org/wiki/List_of_modern_Russian_Small_Arms_and_Light_Weapons

    ReplyDelete
    Replies
    1. අර පොලිස්කාරයා පතරොම් නැතුව හෝ පිස්තෝලය දීම නීති විරෝධී සහ භයානක වැඩක් // විචා තුමා මේක උනේ 1989 -90 වගේ කාලයක , ඒ කාලේ ත්‍රස්තවාදය ලෝකේ ආගන්තුකයි

      Delete
  4. Bulgarians had some superstar players in 1994 soccer world cup

    ReplyDelete
  5. රතු රසදිය

    https://en.wikipedia.org/wiki/Red_mercury

    ReplyDelete
  6. //මින් එක් දූෂකයෙක් ලංකාවේ වෛද්‍ය වෘත්තියේද නිරත වේ//
    දෙයියන්ගේම පිහිටයි

    ReplyDelete
    Replies
    1. දෙයියන්ගේම පිහිටයි

      Delete
  7. අර ගෙම්බො පන්නපු එවුන් තමයි ලංකාව ලෝකෙ චාටර් වෙන එකට වගකියන්න ඕනෙ.ගෙම්බන්ට රටවල් වලට පනින්න ලෝකෙ නැති බොරු කියලා පාච්චල් කලාට. ගස්ලබ්බා අර ඩොකාව දන්නවා නම් ලියුමක් හරි යවලා අතීතෙ මතක් කොරවනවා.. චික්..
    බල්ගේරියා පාස්පෝට් එක අදටත් බොහොම වටිනවා කියන්නෙ ඇත්තද ඩොක්?
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. බල්ගේරියා පාස්පෝට් එක අදටත් බොහොම වටිනවා කියන්නෙ ඇත්තද////// ඒකනම් මම දන්නේ නෑ

      Delete
  8. අර ඇත්ගොව්වා කියන නම නං හරිම නිර්මාණාත්මකයි.

    ReplyDelete
    Replies
    1. අපේ කොල්ලෝ කාඩ් කප්පිත්තෝ

      Delete
  9. සමලිංගිකත්වය ගැන සමාජය දැනුවත් නෑ.. දැනුවත් උනත් ආකල්ප වෙනස් කරගන්න කැමති නැ....

    ReplyDelete
  10. The country has changed a lot since you last visited in 80s it seems. I wonder when Sri Lanka will start making real and practical changes like the countries in eastern Europe did.

    "Bulgaria has come a long way from its turbulent political and economic transition in the 1990s to becoming a member of the European Union (EU) in January 2007. Today, it is an upper middle-income economy of 7.2 million people with a per capita income of US$7,420. (GNI per capita, 2014)

    In the decade leading up to EU accession, Bulgaria embraced difficult reforms to build macroeconomic stability and stimulate growth. It built fiscal buffers by accumulating fiscal surpluses between 2004 and 2008, and reduced public debt from over 70 % of GDP in 2000 to 13.3 percent in 2008, the second lowest debt level in the EU. Between 2000 and 2008, GDP per capita rose by 6.6 percent per year, the highest growth on record, and convergence with EU income levels accelerated." ( Source: World Bank )

    ReplyDelete
  11. //මිනිසුන් හොරෙන් රට පැටවීම//
    කුරුණෑගල පැත්තේ මෙහෙම මිනිස්සු හොරෙන් ඉතාලි ගෙනියන යට කියන්නේ ඇතා කියලා ....

    ReplyDelete
    Replies
    1. ඇතාගල තියෙන්නෙත් එහෙනේ

      Delete
  12. This comment has been removed by the author.

    ReplyDelete
  13. වරක් බල්ගේරියා - තුර්කි ‍බෝඩරයේදී රදවා ගත් ලංකාවේ දෙමළ අය තොඟයක් හමුවුනා, එ් අපේ කොච්චියේම ආ අය, ඔවුන් අත තිබූ ඒකාලේ අළුත් පුංචි රතු ශ්‍රීලංකා පාස්පොට් එක තුර්කියෝ බාරගත්තේ නෑ, මා අත තිබූ පරණ ලොකු කළු පාස්පොට් එකට කිසිවක් නොවිමසාම සීල් ගැහුවා.

    ReplyDelete
  14. රුසියාවේ ගෙම්බෝ බිස්නස් කළ අපේම අයගේ නරුම වැඩ ගැන නම් කියා නිම කළ නොහැක, ගෙම්බො දේශශීමා හරහා දක්කපු ලංකාවේ වසන්ත කියා කෙනෙකුට වරක් මගේ කාමරයේ නවාතැන් දී තිබෙනවා, ඔහු මට කියා තිබුනේ ඔහු ගෙම්බෙකු බවත් පනින්න යන කොට මිලිෂියා එකට අහුවී පැනගත් බවත් ඔහුගේ පාස්පොට් එක ගාණක් ගෙවා ආපසු ලබා ගන්නාතුරු නගරයේ රැදී ඉන්නා බවත්. නමුත් දින කීපයකට පසු දුම්රිය පොලේදී මා මිලිෂියා එකෙන් නවතා ගත්තා, ඔවුන් කීවේ වසන්ත ප්‍ර‍සිද්ධ ගෙම්බන් දක්කන්නකු බවත් මොස්කව් සිට රුමේනියාව දන්වා හොරපාරවල් වලින් ගෙම්බන් රැගෙන යන්නේ ඔහු බවත්, එවර ඔහු ලංකාවේ දෙමළ අය 12 අපේ නඟරයට ගෙනවිත් ඇති බවත්, එතනින් එහාට ගෙන යාමට බෝඩර්ගාඩ්ලාට මුදල් නොගෙවා ගෙම්බන්ගේ සියළු මුදල් සහ පාස්පොට් සමඟ ඔහු අතුරුදහන්ව ඇති බවත්ය, ඒ දින කීපයේ වසන්ත ගෙනා බියර් මගේ බඩේ බොහොමකාලයක් මට වඳ දුන්නා.

    තවත් වරක් වීසා ගැටළුවක් නිසා මා මාසයක් පමණ මොස්කව් නැවතී සිටිය කාමරයේ කැනඩා යනවා කියා අපේ බොහෝ දෙනා විසින් වසර 3 පුරා රවටමින් මුදල් වංචා කළ වයසක දෙමළ මහතෙකු නැවතී සිටියා, ඔහු එක් තද වින්ටර් එකක ඔස්ටියන් දේශ සීමාවේ කැලැවක අතරමන් කර ආපසු එවා තිබුනා, පසුව ඔහු සොයාගෙන තිබුනා ඔහු සමඟ ඒ දේශ සිමාවට ගිය දෙදෙනෙකු එහි මියගොස් සිටි බව, එ් වගේම වරක් බොහො දෙනෙකු ඉතාලි යවනවා කියා ට්‍රොලරයක ශිතකාමරයේ මරාදමා සිටි පිරිස සමඟ එක්විමට වසනාවන්ත මුදල් හිඟයක් නිසා අවසාන මොහොතේ වැළකුණු කෙනෙක්, එහි මිය ගිය බොහොමයන් ඔහුගේ හිතවතුන්, අවාසනාවට මට නවාතැන් දුන් මගේ මිතුරාද බොහෝ වරක් ඔහු රවටා තිබුනා, ඔහු දිනපතා අඩමින් අපිට කෑම ඉව්වා.

    ලංකාවේ මිනීමැරුමක් කර පැනගිය ප්‍ර‍සිද්ධ ව්‍යාපාරිකයෙකුගේ පුතෙකුද එම කාමරයේ සිටියා, ඔහු හදිසි කොපය නිසා කළ මිනීමැරුම ගැන බොහො පසුතුවෙමින් සිටියා, ඒ වගේම අපේ ගෙබි ව්‍යාපාරිකයෝ ඔහුව අතරමන්කර මරා දමාවියයි ඉතාම සාධාරන බියකින්ද පෙලුනා.

    ReplyDelete
  15. අපි එහෙන් මෙහෙන් අහලා තියෙන, ලෝකයේ ඇති අපි නොදන්නා පැති ගැන අපූරු දැනුවත් වීමක් මෙයින් ලැබෙනවා.
    අර කියන ගෙම්බෝ පන්නපු ස්ත්‍රී දූශක කාලකන්නි අමනුස්සයා වෛද්ය වෘත්තියේ යෙදෙන්නේ කොහොමද? ඇත්තෙන්ම මේ වගේ කාලකන්නින් සමාජය ඉදිරියේ නිරුවත් කල යුතුයි. (ඇඳුම් වලින් නෙවෙයි )
    තම සන්තානය තුල යන්තමින් හෝ මානව හිතවාදී කමක් ගෑවී ඇති පුද්ගලයෙකුට එවන් වූ නොමිනිස් කමක් කිසිදා කල හැකියැයි මා සිතන්නේ නැහැ. එවැන්නෙක් වෛද්‍ය වෘත්තියේ යෙදෙන විට?

    ReplyDelete
  16. පොතක් ලියන්න පුලුවන් දේවල් අපි දැක්කා

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook